ඉරාන ජනාධිපතිගේ මරණයට ඊශ්‍රායලය සම්බන්ධ නැති බව කියයි
හෙළිකොප්ටර් අනතුරකින් සිදුවූ ඉරාන ජනාධීපති ඉබ්‍රාහිම් රයිසිගේ මරණයට ඊශ්‍රායලයේ කිසිදු සම්බන්ධතාවක් නැතැයි ඊශ්‍රායලයේ ඉහළ මට්ටමේ නිලධාරියකු ප්‍රකාශ කළ බව ජෙරුසලම් පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය. ඔහු එම ප්‍රකාශය සිදු කර ඇත්තේ ඉරාන ජනාධිපතිවරයාගේ මරණයට ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානයේ සම්බන්ධ බවට සමාජ මාධ්‍යජාලයේ පුවත් පැතිරීම පිළිබඳ අවධානය යොමු කරමින් බව ජෙරුසලම් පෝස්ට් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ඉරාන ජනාධිපතිවරයා ඇතුළු 9 දෙනකුට මරු කැඳවූ හෙලිකොප්ටර් යානයේ අනතුර සිදුවූයේ ඉරානය සහ ඊශ්‍රායලය අතර ගාසා තීරයේ යුද ගැටුම් පිළිබඳ උණුසුම් තත්ත්වයක් පවතින අතරතුරදීය.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

