Latestදේශීය

උදයංග අපේ මාධ්‍ය ප්‍රකාශක නෙමෙයි – සාගර කාරියවසම්

රාජපක්ෂවරුන්ට තම මතය රටට ප්‍රකාශ කිරීමට අමුතු ප්‍රකාශකයන් අවශ්‍ය නැතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

ලබන මස පහළොස්වන දිනට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට උදයංග වීරතුංග මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ අදාළ ප්‍රකාශය කරන්නට ඇත්තේ හිටපු රුසියානු තානාපති ලෙස බවයි.

පාර්ලිමේන්තු මැතිවරණය පළමුව පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් පක්ෂයක් ලෙස කිසිදු අවස්ථාවක ඉල්ලීමක් කරන්නැති බවද පැවසු ඔහු පාර්ලිමේන්තු මැතිවරණය පළමුව පැවැත්වීම සුදුසුය යන මතය පමණක් ඉදිරිපත් කර ඇති බවත් පැවසීය.

පොදු ජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *