තවත් දින දෙකක් පුත්තලමේ පාසල් නිවාඩු
පවතින අයහපත් කාලගුණ තත්වය තවදුරටත් පැවතිම නිසා අද (21) සහ හෙට (22) පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් වසා දැමීමට වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් වයඹ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දී ඇත.
ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයෙ පාසල් විශාල සංඛ්‍යාවක් මේ වනවිට ජලයෙන් යටවී ඇති අතර ගම්මාන 100ක් පමණ ජලයෙන් යටවිම නිසා දරුවන්ට පාසල් වෙත පැමිණීමට නොහැකි වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම තත්වය නිසා පාසල් දින දෙකක් වසා දැමීයට ආණ්ඩුකාරවරයා තීරණය කර තිබේ.
මේ අනුව නව පාසල් වාරයේ පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් විවෘත කිරීමට තවම හැකියාවක් ලැබී නැත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

