සජිත් ආරක්ෂා කිරීමේ අළුත් බලකාය
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් මේ වනවිට සියලු කරුණු දැක්වීම් සහ ප්‍රචාරක කටයුතුවල මූලිකත්වය ගෙන සිටින්නේ මෑතකදී සම්බන්ධ කර ගන්නා ලද පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් බව තහවුරු වී තිබේ.
මහාචාර්ය ජී. එල්. පීරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, වසන්ත යාපා බණ්ඩාර යන අය මේ සඳහා මූලිකත්වය ගෙන ඇත. සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ සිට එම පක්ෂයේ ජේෂ්ඨ කිසිවෙකුත් සජිත් ප්‍රේමදාස වෙනුවෙන් කරුණු දැක්වීමට පසුගිය කාලය පුරාම ඉදිරිපත් වී නැති බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.
මෙම සතිය ආරම්භයේදීම පවත්වන ලද සජීවී දේශපාලන වැඩ සටහන් දෙකකදී කරුණු දැක්වී ආචාර්ය නාලක ගොඩහේවා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා දක්වන ලද කරුණුවලින් තත්වය වඩාත් කැපී පෙනෙන ලෙස තහවුරු වී තිබේ. ආචාර්ය හර්ෂ ද සිල්වා සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව වෙනුවෙන් පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළේය.
එහෙත් ඊට ඉඳුරාම වෙනස් ලෙස පොහොට්ටු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා සඳහන් කර තිබුණේ “මට පොඩි අවුලක් තියෙනවා, නායකතුමාගේ ප්‍රතිපත්තිම ද අනික් අය කතා කරන්නේ කියලා” යනාදී වශයෙන් දිගින් දිගටම සජිත් ප්‍රේමදාස වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරනු ලැබීය. මහාචාර්ය ජී. එල්. පීරිස් මෙන් ම ඩිලාන් පෙරේරා ද මෙවැනි ස්ථාවරයක සිට මක දක්වමින් සිටිති.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

