Latestවිදේශීය

බංග්ලාදේශ මන්ත්‍රීවරයාගේ සිරුර ඉන්දියාවේ පාළු නිවෙසකින් හමුවෙයි

ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉන්දියාවට පැමිණි බව කියන බංග්ලාදේශ රජයේ මන්ත්‍රීවරයකු එහිදී ඝාතනයට ලක්වී ඇතැයි ද, ඔහුගේ මළ සිරුර දින 10කට පසු කොල්කටා නුවර පාළු නිවෙසක තිබී පොලිසිය විසින් සොයා ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙසේ මියගොස් ඇත්තේ 56 හැවිරිදි අන්වරුල් අසාම් නමැති බංග්ලාදේශයේ අවාමි ලීග් රජයේ මන්ත්‍රීවරයකු වන අතර, ඔහුගේ මරණයට සැක පිට බංග්ලාදේශ ජාතිකයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

බංග්ලාදේශ මන්ත්‍රීවරයාගේ සිරුර කොල්කටා නුවර පාළු නිවෙසකින් හමු වූ බව නගරයේ නියෝජ්‍ය පොලිස් කොමසාරිස්වරයා ප්‍රකාශ කළද, කොල්කටා නුවර බංග්ලාදේශ තානාපති කාර්යාලයේ තොරතුරුවලට අනුව ඔහු ඝාතනයට ලක් වී ඇත්තේ වෙනත් වෙනත් ස්ථානයකදී බව බංග්ලාදේශ විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *