ෆොන්සේකා ක්‍රියාත්මක වෙයි – බොහෝ දෙනා කැළඹේ
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නායකත්වය දුන් යුද්ධය සහ එය පසුපස තිබූ මේ දක්වා සඟවන ලද දේශපාලන කතාව කෘතියකින් එළිදැක්වීම සම්බන්ධයෙන් ප්‍රබලයන් ගණනාවක් කළබල වී ඇති බව වාර්තා වේ.
සජිත් ප්‍රේමදාස එසේ කළබල වූවන් අතර ප්‍රමුඛයෙක් වී ඇති බව හෙළිවේ. සරත් ෆොන්සේකා සමඟ සංහිඳියාවක් ඇති කර ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස විසින් හදිසියේම තිස්ස අත්තනායක අතරමැදියෙකු ලෙසින් පත්කර තිබේ. ගෙවී ගිය සතියේ තිස්ස අත්තනායක අවස්ථා කිහිපයකදී සරත් ෆොන්සේකා සමඟ සාකච්ඡා පවත්වන ලද බව මේ වනවිට තහවුරු වී තිබේ.
එම සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව කිසිදු තොරතුරක් මේ වනවිට හෙළිවී නැත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

