Latestදේශීය

ජනාධිපතිවරණය ඔක්තොම්බර් 17

(රංජිත් රාජපක්ෂ) ජනාධිපති මැතිවරණය ප්‍රථමයෙන් මෙ වසරේ ඔක්තොම්බර් මාසයේ 17වන දින පවත් වන බවත්, එම මැතිවරණය කිසිවෙකුටත් වලක්වාලිය නොහැකි බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසිය.

විජයදාස රාජපක්ෂ මහතා එ බැව් (25) දින කියා සිටියේ කදුරට ජනතා පෙරමු‍ණේ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි වි රාධාක්‍රිෂ්ණන් මහතා හැටන් නගරයේදි (25) දින පැවැත්වු එම පක්ෂයේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්ය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු විජයදාස රාජපක්ෂ මහතා වැඩි දුරටත් කියා සිටියේ මෙවර ජනාධ්පති මැතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මැතිවරණයේ තිරණාත්මක ශක්තිමත් පක්ෂයක් ලෙස කටයුතු කරන බවයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *