Latestවිශේෂාංග

තවත් ගුවන් අනතුරකින් 12කට තුවාලයි

දෝහා සිට ඩබ්ලින් දක්වා පියාසර කරමින් තිබූ කටාර් එයාර්වේස් ගුවන් යානයක් තුර්කියට ඉහළින් පියාසර කරමින් තිබියදී ඇති වූ කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් අනතුරට ලක්ව තිබේ.

එහිදී පුද්ගලයන් 12 දෙනෙක් පමණ තුවාල ලබා ඇති ඩබ්ලින් ගුවන් තොටුපළ බලධාරීන් විසින් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ගුවන් යානය පියාසර කරන අවස්ථාවේ එම ගුවන් අවකාශයේ තිබූ කාලගුණික තත්ත්වය ඊට බලපා ඇති බවයි.

මේ හේතුවෙන් මගීන් හය දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු තුවාල ලබා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරට ලක් වූ බෝයිං බී 787-9 ගුවන් යානය ආරක්ෂිතව ගොඩ බැස්සවා ඇති බවයි.

එමෙන්ම තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව සඳහන්ය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *