Latestදේශීය

හිසේ තුවාල සහිත මළ සිරුරක් මිරීගම දුම්රිය මාර්ගයේ

හිසේ තුවාල සහිතව මරණයට පත් වූ තරුණයකුගේ සිරුරක්  මීරිගම  විජය රජදහන සහ මීරිගම දුම්රිය  ස්ථාන  අතර තිලිණගම ප්‍රදේශයේ   දුම්රිය  මාර්ගය ආසන්නයේ තිබී අද (27) උදේ  සොයා ගත් බව මීරිගම පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ මීරිගම , විල්වත්ත  බෝගහහේන පාර ,  පදිංචි ව සිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහයකයෙකු ලෙස සේවය කළ  චන්දිම ලක්මාල් පෙරේරා නැමැති 28 හැවිරිදි අවිවාහක තරුණයෙකි..

මියගිය තරුණයා ඊයේ 26 දහවල් දානමය පින්කමකට සහභාගි වී ඇති බවත් පස්වරුවේ සිට ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොලැබුණු බවත් ඔහුගේ පියා පැවසූ බව පොලිසිය සඳහන් කරයි.

මියගිය අය කොට කලිසමක් සහ  ටී ෂර්ට් එකක් පමණක් ඇඳ සිට ඇත. රාත්‍රී කාලයේ ඔහු ගමන් කළ ස්ථානයක් පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නැතැයි පොලිසිය කියයි

මීරිගම මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය තුසිත ප්‍රමෝද්  විජේවර්ධන මහතා සහ පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් මළ සිරුර හමු වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණ සිදු කලහ.

මියගිය තරුණයාගේ මළ සිරුර හමු වී තිබුණේ  ඔහු පදිංචිව සිටි  නිවසේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරිනි.

දුම්රියේ ගමන් කරමින් සිටියදී  දුම්රියෙන් වැටී මෙම මරණය සිදු වූවාද නැතහොත් වෙනත් කිසියම් අපරාධයක සිද්ධියක ප්‍රතිඵලයක් ද යන්න  හෙළි කර ගැනීමට පොලිස් පරීක්ෂණ පැවැත්වේ .

මරණයට නිශ්චිත හේතුව සොයාගැනීම සදාහා  දේහය හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය තුසිත ප්‍රමෝද් විජයවර්ධන මහතාගේ නියෝගයෙන් වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කෙරිණි .

මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ මීරිගම මූලික රෝහලේ  රෝහල් පොලිසියේ පොලිස් සැරයෙන් මහින්ද මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වති .

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?