2005 රනිල්ව පරාජය කිරීම වරදක් – එම් ඒ සුමන්තිරන්
2005 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වීමට හේතුව උතුරේ ජනතාවගේ තීරණය විය හැකි බවත් ඒ පිළිබඳව අද එම ජනතාව කණගාටුවන බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
උතුරේ ජනතාව මුහුණ දුන් බොහෝ දුෂ්කරතාවලින් ඔවුන් මුදා ගැනීමට වත්මන් ජනාධිපතිවරයා කටයුතු කර ඇතැයිද හෙතෙම කියා සිටියේය.
උතුරේ සංවර්ධන කටයුතුවලට මුල් තැන දීම ගැන ජනාධිපතිවරයාට ස්තුතිවන්ත වන බවත් හෙතෙම පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය විශ්වවිද්‍යාලයෙන් නව වෛද්‍ය පීට ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සය අවස්ථාවට එක්වෙමිනි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

