Latestදේශීය

කාවන්තිස්සට වෙඩි තැබූ බවට සැක ගිනිඅවි රස පරීක්ෂකට

කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමට යොදා ගත් බවට සැක කෙරෙන ගිනි අවි දෙක රජයේ රස පරික්ෂක වෙත යවා ඊට අදාළ  වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහව මහේස්ත්‍රාත් අනුරාධා සෙනෙවිරත්න ගල්ගමුව වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට නියෝග කර තිබේ.

මහේස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, ගිනි අවි සමග අත්අඩංගුවට ගත් ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැකකාර නිපුණතා සංවර්ධන නිලධාරියා සහ අනෙක් සැකකරුව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමිනි.

මෙම සැකකරුවන් දෙදෙනා මේ මස 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රාහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඔලුගලගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් මොවුන් අත්අඩංගුවට ගෙන වනජීවී නිලධාරීන්ට භාර දී තිබිණි.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *