Latestදේශීය

ලෝක දුම්වැටි නිවාරණ දිනය අද

ලෝක දුම්වැටි නිවාරණ දිනය අදට (31) යෙදී තිබෙනවා. ”දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම්වලින් අපේ දරුවන් ආරක්ෂා කරගනිමු” යන්න මෙවර ලෝක දුම්වැටි නිවාරණ දිනයේ තේමාවයි.

මේ වසරේ, නැවත වරක්, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලොව පුරා සිටින මහජන සෞඛ්‍ය නිලධාරීන් එක්ව දුම්කොළ කර්මාන්තයේ හානිකර බලපෑම් පිළිබඳව දැනුවත් කිරීමට එක්ව තිබෙනවා. අදට යෙදී ඇති ලෝක දුම්වැටි නිවාරණ දිනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සදහන් කරන්නේ දුම්වැටි භාවිතය හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් 50 කට ආසන්න පිරිසක් මරණයට පත් වන බවයි.

තවදුරටත් එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ වසරකට පුද්ගලයින් 20,000ක් පමණ දුම්වැටි භාවිතයෙන් මරණයට පත් වන බවයි.එසේම මේ වන විට මෙරට දුම්වැටි භාවිතය සියයට 9.1කින් අඩුවී ඇති අතර තරුණ පිරිස් අතර දුම්වැටි භාවිතය ඝීග්‍රයෙන් අඩුවෙමින් පවතිනවා.

ලෝකයේ දුම්වැටි භාවිතය අඩුවෙමින් පවතින රටවල් අතර ශ්‍රී ලංකාව තුළ ද හොඳ ප්‍රවණාතාවක් පැවතුණද තවදුරටත් මිලියන 1.5ක පමණ පිරිසක් දුම්වැටි භාවිතය සිදුකරන බවයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?