Latestදේශීය

පොඩිමැණිකේ ගිනිගනී 

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1006 දරන පොඩි මැණිකේ දුම්රියේ එන්ජිම හපුතලේ දුම්රිය ස්ථානය අසළදී අද (03) හදිසියේ ගිනි ගැනීමකට ලක් වූ බව පොලිසිය පවසයි.

හපුතලේ දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ගිනිනිවිම් ඒකකයේ නිලධාරීන් පැමිණ, පොලිසිය සහ ප්‍රදේශවාසීන් සමග එක්ව වහා ගින්න නිවා දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 8.50ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ පොඩි මැණිකේ දුම්රියේ මගීන් විශාල පිරිසක් ගින්න ඇති වනවිටත් දුම්රිය තුළ සිටි ඇති අතර ගින්නෙන් කිසිවෙකුට හෝ අනතුරක් සිදිවී නැත.

පොඩි මැණිකේ දුම්රිය එන්ජින් දෙකකින් සමන්විත නව දුම්රිය කට්ටලයක් වන අතර දුම්රිය දියතලාව දුම්රිය ස්ථානය පසුකර හපුතලේ දුම්රිය ස්ථානයට ලඟා වෙමින් තිබියදී එක්වරම එහි පසුපස එන්ජිමෙහි මෙසේ ගින්න හට ගෙන තිබූ බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දුම්රිය එන්ජිම පිළිසකර කිරීමෙන් අනතුරුව පැය කීපයක් ප්‍රමාද වී යළි පොඩි මැණිකේ දුම්රිය හපුතලේ සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?