Latestදේශීය

පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම දෙමළ ජනතාවට තර්ජනයක් – එම්. ඒ. සුමන්දිරන්

ඉදිරි ජනාධිපතිවරණයට දෙමළ ජනතාවගේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තිබෙන සාකච්ඡාව එම ජනතාවගේ පැවැත්ම විහිළුවට ලක් කිරීමක් මෙන් ම, තර්ජනයට ලක් කිරීමක් බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් අවධාරණය කර තිබේ.

පසුගිය ඉරිදා (09) යාපනයේදී පවත්වන ලද ජන හමුවකදී මන්ත්‍රීවරයා එලෙස ප්‍රකාශ කර තිබිණි. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ෆෙඩරල් විසඳුමක් ලබාදීම පිළිබඳව නැවත නැවතත් කතා කිරීම ප්‍රතිඵලයක් නැති දෙයක් මෙන් ම, එය විසඳුමක් ද නොවන බව ය. දෙමළ පොදු ජනතාවගේ අපේක්ෂාවලට මහජන නියෝජිතයන් වන දේශපාලඥයන් අවනත විය යුතු බව ද අවධාරණය කර තිබේ.

එසේ ම, මහජනතාව පිළිබඳ වගකීම සිවිල් සංවිධානවලට පමණක් බාරදී දේශපාලඥයන්ට බැහැර විය නොහැකි බව ද දෙමළ ජනතාව වෙනුවෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පිළිබඳව පවතින සාකච්ඡාවට විසඳුම නොවන බව ජනතාව දැනුවත් කළ යුතු බවද ඔහු අවධාරණය කර තිබේ. මෙම දේශපාලන ස්ථාවරය ගැනීමෙන් “ද්‍රෝහී වූවා යනුවෙන්“ නම් කළ හැකි බවත් නමුත් එවැනි ලේබල් තව දුරටත් වලංගු නොවන බවත් දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළහොත් එම දේශපාලනයට එරෙහිව ක්‍රියා කළ යුතු බවත් අවධාරණය කර ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *