Latestදේශීය

මහා පරිමාන රසායනික පොහොර ජාවාරම

මෙරටට ගෙන එන රසායනික පොහොර සඳහා රජයේ සියලු බදු සහ වෙනත් වියදම් දැරූ පසුව මේ වනවිට කිලෝ ග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 7,500/- ට අඩුවෙන් ගොවියන්ට ලබාදිය හැකිව තිබුණ ද එසේ නොදීමෙන් මහා පරිමාණ ජාවාරමක් සිදුවන බව අනාවරණය වේ.

ඩොලර් එකක් සඳහා රුපියල් 360/-ක් වූ විනිමය අනුපාතයක් නියම වී තිබියදී එම පොහොර මිටියක් රුපියල් 8,500/-කට අඩුවෙන් ලබාදීමේ හැකියාව තිබිණි. නමුත් මේ වනවිට ඩොලර් එකක් රුපියල් 300කට අඩු මට්ටමකට පැමිණ තිබියදී පවා ගොවියාට සාධාරණ මිලකට පොහොර ලබා ගත නොහැකිය.

මේ අනුව වී, එළවලු සහ පළතුරු මෙන්ම තේ, පොල්, රබර් සඳහා ද භාවිතා කරන රසායනික පොහොර සම්බන්ධයෙන් කලුකඩ මිලක් පැවතීමට ඉඩ හැර තිබේ. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකර ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතා අනුව මිල නියම කිරීමට ඉඩ හැර තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *