Latestදේශීය

කලහාකාරි ලෙස හැසිරුණු පිරිසක් අත්අඩංගුවට

කලහාකාරි ලෙස හැසිරුණු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මොවුන්.මෙලෙස කලහාකාරි ලෙස හැසිරී ඇත්තේ හික්කඩුව පොලිසිය තුලයි.

පැමිණිල්ලක් විභාග කිරීමට යාමේදී මෙම සිදුවීම සිදුවී ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 05ක් සහ පිරිමි පුද්ගලයන් 14ක් ඇතුළත් බව සදහන්.

වැලිගම මුහුදු තීරයේ දී බෝට්ටුවකට පහරදී අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබු පැමිණිල්ලක් විභාගයට ගැනීම සඳහායි මෙම පිරිස පොලිසිය වෙත කැදවා තිබුණේ.

එහිදි දෙපාර්ශ්වයේම පුද්ගලයින් විසින් පොලිස් ස්ථානය තුළ දී කලහකාරීව හැසිරී තිබෙනවා..

ඒ අනුවයි අදාළ පිරිස අත්අඩංගුවට ගෙන තිබුණේ.

සැකකරුවන් අවුරුදු 24ත් 50ත් අතර වයස්වල පසුවන රත්ගම සහ දොඩන්දූව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *