Latestදේශීය

සජබ ආන්ඩුවක් යටතේ IMF එකඟතා සංශෝධනය කරනවා – හර්ෂ ද සිල්වා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ඇතැම් කාරණා සමගි ජන බලවේගයේ රජයක් යටතේ සංශෝධනය කරන බවත් එය කොහොමද කරන්නේ කියා අපට නොකියා කරුණාකර වෙන වැඩක් බලා ගන්නා ලෙස බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාට කියන්න කැමැති බවත් සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පෙරේදා (12) පැවැති මාධ්‍ය හමුවකදීය.

මේවා වෙනස් කරන්නේ කොහොමද කියලා කියා දීමට බන්දුල ගුණවර්ධන මහතා අවශ්‍ය නැති බවත් ඒ වෙලාවේ චිත්‍රපටයක් හදාගෙන, පොතක් ලියාගෙන හෝ වෙනත් මොකක් හරි කරගෙන ඉන්න කියලා බන්දුල ගුණවර්ධන මහතාට කියන්න කැමැති බවත් ඒ මහතා මෙහිදී කීවේය.

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වුණු කාරණා නෛතිකභාවයකට හරවා ගන්න කරන උත්සාහය පිළිකුලෙන් හෙළා දකින බවත් ජනාධිපතිවරයා ඇතුළු රජය එකඟ වුණු නොයකුත් දර්ශක ඊළඟ රජයට සහ ඉන් ඉදිරියට එන රජයන්ට වෙනස් නොකර ඉදිරියට ගෙන යෑමට බල කිරීමට කිසිවකුටත් හැකියාවක් නැති බවත් හෙතෙම කීවේය.

සමගි ජන බලවේග රජයක් යටතේ මේ වැඩපිළිවෙළ වෙනස් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඍජුව දැනුම් දී ඇති බව කී ඒ මහතා, බන්දුල ගුණවර්ධන මහතාට වෙන වැඩක් හොයා ගන්නා ලෙස කියන්න කැමැති බව ද මෙහිදී කියා සිටියේය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?