Latestදේශීය

ගාසා තීරයේ මන්දපෝෂණ දරුවන් සංඛ්‍යාව 50000 ඉක්මවයි

ගාසා තීරයේ දරුවන් පනස්දහසකට වැඩි ප්‍රමාණයක් මන්දපෝෂණයට ගොදුරු වී ඇති බවත් වහාම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවත් පලස්තීන සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා එම ඒජන්සිය සඳහන් කර ඇත්තේ ගාසා තීරයේ මානුෂීය ප්‍රවේශය සඳහා අඛණ්ඩව සීමා පැනවීමත් සමඟ දරුවන් පමණක් නොව වැඩිහිටියන් ද දරුණු සාගින්නකින් පීඩා විඳින බවය. එක්සත් ජාතීන්ගේ එජන්සිය දිවි පරදුවට තබා ආධාර සැපයීමට වෙහෙසක් ගන්නා බවත්, එහෙත් මානුෂීය ආධාර බෙදා දීම අතිශය දුෂ්කර වී ඇති බවත් යුනිසෙෆ් ප්‍රකාශක ජේම්ස් එල්ඩර් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපිත කිරීමෙන් පසු දශක ගණනාවක දීර්ඝ ඉතිහාසයේ ඕනෑම යුද්ධයකදී මිය ගිය වැඩිම සහනාධාර සේවකයන් ප්‍රමාණයක් ගාසා යුද්ධයෙන් වාර්තා වන බව ද සඳහන් වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?