ඉසාක් බාරි (අවු.12) ඇමරිකාවේ ලාබාලතම උපාධිධාරියා වෙයි
අමෙරිකාවේ ළාබාලතම උපාධිධාරියා ලෙස ඉන්දීය සම්භවයක් සහිත 12 හැවිරිදි සිසුවකු නිව්යෝක් නුවර මැල්වර්න් උසස් විද්‍යාලයෙන් උපාධිය ලැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එපමණක් නොව සුබෝනෝ ඉසාක් බාරි නමැති මේ සිසුවාට උපාධිය ලැබීමෙන් පසුව නිව්යෝක් නුවර විශ්වවිද්‍යාලයේ ගණිතය සහ භෞතික විද්‍යා පීඨයේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට පූර්ණ ශිෂ්‍යත්වයක් ද ලැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ෆේස්බුක් සමාජ මාධ්‍යජාලයට සටහනක් නිකුත් කරමින් මේ සිසුවා සඳහන් කර ඇත්තේ ‘මට තවම අවුරුදු 12යි. මම මැල්වර්න් උසස් විදුහලේ 12 වැනි වසරේ ශිෂ්‍යයෙක්. ඊළඟ මාසයේ මගේ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙනවා. එදාට මම උසස් විදුහලකින් උපාධිය ලබන පළමුවැනි අමෙරිකානුවා විදිහට ඉතිහාසයට එක් වේවි.‘ කියාය.
නිව්යෝක් පෝස්ට් පුවත් සේවයට අනුව ඉසාක් බාරි මේ වන විට ලේඛකයකු ලෙස පොත් දෙකක් ද ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තාවේ. 12 හැවිරිදි වියේදී අමෙරිකාවේ උසස් විදුහලකින් උපාධිය සම්පූර්ණ කළ ළාබාලතම සිසුවා ලෙස වාර්තා පොතට එක්වීමට ඔහු සමත්වී ඇත්තේ සිය විශිෂ්ට අධ්‍යාපනික දැනුම හේතුවෙන් අවස්ථා දෙකකදී පාසලේ ශ්‍රේණිගත කිරීමේදී උසස්වීම් ලැබීමෙනි. පාසල් වාර අවසානයේදී ඔහු සිවුවැනි වසරේ සිට අටවැනි වසර දක්වා ද, පසුව 9 වැනි වසරේ සිට 12 වැනි වසර දක්වා ද ශ්‍රේණිගත කිරීම්වලින් උසස්වීම් ලබා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

