Latestදේශීය

තිස්සමහරාම හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලීසියේ 3කට වසර 7ක සිර දඬුවම්

(මනෝප්‍රිය ගුණසේකර)

හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගෙස් කෲරත්වයට පත් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු තිස්සමහාරාම පොලිසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පෙලිස් නිලධාරීන් තිදෙනකුට වසර 07 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ මාතර මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් මහතා කෲරත්වයට පත්වු පුද්ගලයන් පස්දෙනාට රුපිල් ලක්‍ෂ 05 බැගින් වන්දි ගෙවීමටද නියම කළේය.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් අදාළ දඬුවම් පැනවු විනිසුරුවරයා විත්තිකරුවන්ට රුපියල් 10,000/- බැගින් දඩ මුදල්ද නියම කළේය.

චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ තිස්සමහාරාම පොලිසයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ දැනට කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවයා වශයෙනන් කටයුතු කරන ප්‍රභාත් දේශබන්ධු, තිස්සමහාරාම පොලිසයේ උප පොලිස් පරීක්‍ෂවරයකු වශයෙන් කටයුතු කළ දැනට වැල්ලවත්ත පොලිසියේ උප පොලිස් පරීක්‍ෂවරයකු වශයෙනන් කටයුතු කරන සන්නස්ගල සහ තිස්සමහාරාම පොලිසයේ සැරයන්වරයකු වශයෙන් කටයුතු කර මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටින කුලතුංග නමැත්තාය.

2003 වර්ෂයේදී තිස්සමහාරාම ප්‍රදේශයේදී හෝටලයක හිමිකරු සහ එහි සේවකයන් වශයෙන් කටයුතු කළ සිව්දෙනකු පැහැරගෙන ඔවුන් රඳවාගෙන කෲරත්වයට පත් කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණී.

මෙලෙස පැහැරගෙන් ගොස් කෲරත්වයට පත් කර ඇති බව නඩු විභාගයේදී අනාවරණය වුයේ තිස්සමහාරාම ප්‍රදේශයේ ‘තිස්ස විලේජ්’ නමැති හෝටලයේ හිමිකරු වන උදය ශාන්ත දිසානායක කොඩිතුවක්කු එහි සේවකයන් වශයෙන් කටයුතු කළ සමන්ත, අජන්ත, රුවන් සහ එවකට විශ්ව විදාල සිසුවකු වශයෙන් සිටි සුජීව දිසානායක නමැත්තන්ය.

‘තිස්ස විලේජ්’ නමැති හෝටලය සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකරු සහ තවත් පාර්ශවයක් අතර ඇති වු ආරඅවුලක් හේතූවෙන් විත්තිකාර පොලිස් නිලධාරීන් හෝටලයේ හිමිකරු සහ එහි සේවකයන් පැහැරගෙන ගොස් ඔවුන් රඳවාගෙන කෲරත්වයට පත් කර ඇති බවත් පසුව ගිනි අවි, බෝම්බ ලඟ තබාගත් බවට චෝදනා කරමින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරමින් රිමාන්ඩ් බාරයට පත් කර ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරු ඇතුළු සේවකයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩු පැවරීමෙන් අනතුරුව වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් පෙත්සම්කාර හෝටලයේ හිමිකරු ඇතුළු සේවකයින්ගේ මුලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දු වීමෙන් පසු පොලිස මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් කරන ලද විමර්ශනයකින් අනතුරුව විත්තිකාර පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතීපතිවරයා විසින් මාතර මහාධිකරණයේ නඩු පවරන ලදී.

මේ සම්බන්ධයෙන් වසර 19ක කාලයක් පුරා පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කළ විනිසුරුවරයා චෝදනාවන්ට විත්තිකරුවන් වරදකරුවන් බවද තීරණය කළේය.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *