Latestදේශීය

කතරගම ගැටුම

ඇසළ මංගල්‍යය ආරම්භ වීමත් සමග දේවාලයේ පාරම්පරික කපු පරපුර දෙකක පිරිසක් අතර පවතින ගැටුමක් උස්සන්න වී නැවත අරබුදයක් නිර්මාණය වී තිබේ.

පසුගිය 30 වැනි දින සවස දේවාලයට පැමිණි රත්නායක කපු පරපුරට අයත් අයකුට මෙම මාසය භාර කපු මහතකු වන ගයාන් රාජපක්ෂ මහතා පහරදුන් බව පවසා උපුල් රත්නායක යන අය කතරගම රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට ක්‍රියා කර ඇත.

උපුල් රත්නායක මහතා තමන්ට පහර දුන් බවට කතරගම පොලිසියේ ද පැමිණිල්ලක් දමා තිබේ.මෙම ආරවුල පවුල් අතර සිදු වී ඇති ගැටලුවක් බව සඳහන් වේ.මේ වන විට රුහුණු මහා කතරගම දේවාලයේ තේවා කටයුතු සිදු කරන කපු පරම්පරා 03 කි.

රත්නායක පරපුර, රාජපක්ෂ පරපුර, මුණසිංහ යන කපු පරපුර සේවය කරන අතර අතීතයේ අදිකාරම් පරපුර දේවාලයේ සේවය කර තිබේ.මෙම කපුමහතුන් අතර පවතින ගැටුම දේවාලයේ ආරක්ෂාවට ද තර්ජනයක් බවට පත්වෙමින් පවති.කතරගම පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්හ කර ඇති බව පොලිසිය සඳහන් කරන ලදි.

මේ අතර පෙරහැර සමයේ දේවාලයේ ආරක්‍ෂාවට හමුදාවද කැදවා ඇත.

@lankacnews

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?