අරුණ දර්ශන ඔලිම්පික් වරම් හිමිකර ගනී
ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මීටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් මේ වසරේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තහවුරු කරයි.
මීටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් ඔලිම්පික් වරම් හිමි කර ගන්නේ ක්‍රීඩකයන් 48 දෙනෙකු පමණයි.
ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන ඔලිම්පික් ශ්‍රේණි ගතකිරීම්වල 53 වැනි ස්ථානයේ රැදී සිටියත් සුදුසුකම් ලබා ගත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ආබාධ සහ විවිධ හේතුන් මත ඉවත් වීමත් සමග ඔහුට එම අවස්ථාව හිමිව ඇත.
අරුණ දර්ශන 2018 සහ 2023 වසරවල ආසියානු ක්‍රීඩා උළෙල, 2019 දකුණූ ආසියානු ක්‍රීඩා උළෙල, 2023 ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සහ 2023 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් රැස් දිනා ගත් ක්‍රීඩකයෙකි.
මීටර් 400 ධාවන ඉසව්වේ ඔහුගේ පෞද්ගලික හොඳම දක්ශතාවය තත්පර 45.30ක් ලෙස සටහන් වී තිබේ.
