වර්ජනයෙන් තැපෑල නවතී
(නිමල කොඩිතුවක්කු)
තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු අනෙකුත් තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්ෂ දොළහක් පමණ සිරවී ඇතැයි තැපැල් වෘත්තිය සමිති ප්‍රකාශ කරයි.
මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂ 7 ක් පමණ සිරවී ඇතැයි ද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.
විවිධ ශ්‍රේණි වලට අයත් පුරප්පාඩු 7000 සම්පූර්ණ කිරිම, අනියම් සහ ආදේශක පිරිස් ස්ථීර සේවයේ පිහිටුවීම, උසස් වීම් ලබාදීම ඇතුලු ඉල්ලීම් මුල් කරගනිමින් තැපැල් වෘත්තීය සමිති විසින් (07) සිට මෙම වර්ජනය ආරම්භ කරනු ලැබීය.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

