නැගී එන කෙටිදුර ධාවකයන්ට යුපුන්ගෙන් වැඩමුළුවක්
පොදුරාජ්‍යමණ්ඩලීය පදක්කම් ලාභී යුපුන් අබේකෝන් විසින් නැගීඑන කෙටිදුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අද සවස කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී වැඩමුලුවක් පවත්වනු ලැබුවා.
‘Train with Yupun’ ලෙස නම්කර තිබූ මෙම පුහුණු වැඩමුලුව සඳහා online ක්‍රමයට අයදුම් කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50 කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වුණා.
කෙටිදුර ධාවන යේ තාක්ෂණය, ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම සහ නිවැරදි ධාවන ඉරියව් පිළිබද වැඩිදුර අවධානයක් යොමුකර තිබූ මෙම සැසිය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණු කරුවන්ද සහභාගිවුණා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

