Latestවිදේශීය

මෝදි රුසියාවට

ඉන්දීය මහමැතිවරණයෙන් තුන්වැනි වරටත් අගමැති ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදි යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු පළමුවරට රුසියාවේ සංචාරයකට එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දෙරට අතර මොස්කව් නුවර පැවැත්වෙන 22 වැනි ද්විපාර්ශ්වික සමුළුවට එක්වීමේ දෙදින නිල සංචාරයේදී අගමැති මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් අතර කලාපීය හා ජාත්‍යන්තර ආරක්ෂක ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීමට ද නියමිතව තිබූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

රුසියාවේ ජනාධිපතිවරයාගේ ඇරියුමකට අනුව ආරම්භ වූ එම සංචාරයේ පළමු දිනයේදී පුටින් විසින් මෝදි වෙනුවෙන් පෞද්ගලික රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වූ බව වාර්තා වේ. එම සංචාරය අතරතුරදී රුසියාවේ ඉන්දීය කොන්සියුලර් කාර්යාල දෙකක් විවෘත කිරීමට ද නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

රුසියානු සංචාරයෙන් අනතුරුව ඉන්දීය අගමැතිවරයා ඔස්ට්‍රියාවේ දෙදින සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බවත්, එය වසර 41කට පසු ඉන්දීය අගමැතිවරයකු ඔස්ට්‍රියාවේ සංචාරය කරන පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *