Latestදේශීය

රනිල් මෝදි හමුව

නාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණි.

නවදිල්ලිහිදී එම සාකච්ඡා පැවැත්වුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සමග සාකච්ඡා පැවැත්වූ අතර අද පෙරවරුවේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ද හමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

මේ අතර ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි මහතා සමග ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා පවත්වා තිබුණි.

කොළඹ වරාය බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය හා සුළං බලාගාර ව්‍යාපෘති ඇතුළු අදානි සමාගමේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුව ඇති බව සඳහන් ය.

ශ්‍රි ලංකා ජනාධිපතිවරයා හමුවීමට ලැබීම ගෞරවයක් බවත් එම හමුවේ දී ශ්‍රි ලංකාවේ ආකර්ශණීය ව්‍යාපෘති මාලාවක් පිළිබඳව සාකච්ඡා කිරීමට හැකිවූ බවත් ගෞතම් අදානි මහතා සිය ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණි.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?