Latestදේශීය

රනිල්ගේ ගෝලයෝ ගැන තවත් හෙළිදරව්වක් වසන්තගෙන්

ලංකා සතොස සතු ගබඩා කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති නලීන් ප්‍රනාන්දුගේ හිතවතෙකුට ලබා දීමේ කූට සැලසුමක් දියත් වෙමින් තිබෙන බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ හෙළි කරයි.

මේ අනුව වැලිසර, රත්මලාන, පෑලියගොඩ, ඔරුගොඩවත්ත, බූස්ස, වීරවිල, අනුරාධපුර සහ කුරුණෑගල යන ප්‍රදේශවල පිහිටි ගබඩා සහ එම විශාල ඉඩම් මෙලෙස ලබා දීමට සූදානම් වන අතර සති දෙකක් ඇතුළත එම දේපළ ඔහුට ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.

එම ගබඩා අලුත්වැඩියා කිරීමටත් එම ගබඩා ලබාගන්නා පුද්ගලයාට අවශ්‍ය ලෙස නව ඉදිකිරීම් කර දීමටත් ලංකා සතොස මුදල් යෙදවීමටද තීරණය කර ඇති බවද ඔහු පවසයි. එලෙස එම ගබඩා ඔහුට ලබා දුන් පසු ලංකා සතොසට අවශ්‍ය බඩු මිලදී ගැනීම සුපුරුදු පරිදි ලංකා සතොසෙන්ම සිදු කරන බවත් ඒ අනුව සතොස මිලදී ගන්නා බඩු සතොස ගබඩාවලම ගබඩා කර නමුත් එම ගබඩාවල අයිතිය පුද්ගලයෙකුට ලබා දී ඔහුට අයුතු මුදල් ඉපයීමකට අවස්ථාව ලබා දීමට සූදානම් වන බවත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ වැඩිදුරටත් හෙළි කරයි.

මෙවැනි ගනුදෙනු සිදු වන්නේ අතයට මුදල් ගනුදෙනු මත බවත් මෙම ගනුදෙනුව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති නලීන් ප්‍රනාන්දුගේ සෘජු මැදිහත් වීම මත සිදු වෙමින් තිබෙන බවත් ඔහු වැඩිදුරටත් අනාවරණය කරයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *