Latestදේශීය

කළුකුමාර දිෂ්ටිය එලවන්න දැරිවියකට අතවර කරලා – පූසාරි අත්අඩංගුවට

කළු­කු­මාර දිෂ්ටිය වැසී ඇති බව කිය­මින් යන්ත­ර­යක් දැමී­මට ශාන්ති­ක­ර්ම­යක් කරන මුවා­වෙන් ලුණු­ගල හොප්ටන් ප්‍රදේ­ශයේ 14 හැවි­රිදි බාල­ව­ය­ස්කාර පාසල් දැරි­යක දූෂ­ණය කර­මින් දැරිය සති පහක ගැබි­නි­යක් කළැයි සැක­පිට ලුණු­ගල ප්‍රදේ­ශයේ පත්තිනි දේවා­ල­යක පූසා­රි­යකු ඊයේ (12) අත්අ­ඩං­ගු­වට ගත් බව ලුණු­ගල පොලි­සිය පව­සයි.

නමු­ණු­කුල සී.වී. දෙවන කොටසේ පදිංචි, ලුණු­ගල හොප්ටන් ප්‍රදේ­ශයේ පත්තිනි දේවා­ල­යක පූසා­රි­යකු ලෙස කට­යුතු කරන 30 හැවි­රිදි අවි­වා­හක පූසා­රි­යකු මෙසේ අත්අ­ඩං­ගු­වට ගනු ලැබි­ණැයි පොලි­සිය පව­සයි.

පූසා­රියා අතින් දූෂ­ණ­යට ලක්වූ බව කියන ලුණු­ගල හොප්ටන් පරණ ස්ටෝරුව බී කොටසේ පදිංචි ලුණු­ගල ප්‍රදේ­ශයේ පාස­ලක 8 වසරේ ඉගෙ­නුම ලබන 14 හැවි­රිදි බාල­ව­ය­ස්කාර පාසල් දැරිය බදුල්ල ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කළ බව ද පොලි­සිය පව­සයි.

මෙම දැරි­යගේ මව නොමැති බවත් දැරිය ඇයගේ වැඩි­ම­හල් 16 හැවි­රිදි නිවුන් සහෝ­ද­ර­යන් දෙදෙනා, පියා සහ මිත්ත­ණිය (පියාගේ මව) සමඟ ලුණු­ගල හොප්ටන් 19 කනුව පරණ ස්ටෝරුව බී කොටසේ වතු නි‍ෙව­සක පදිං­චිව සිටින බවත් පොලි­සිය පව­සයි.

දැරිය මෑතක පටන් නොරි­ස්සුම් ගති­ය­කින් තරහා යමින් විවිධ දේ දොඩ­ව­මින් කෑග­ස­මින් හැසි­රී­මට පටන් ගෙන ඇති අතර, ඒ සම්බ­න්ධ­යෙන් දැරි­යගේ මිත්ත­ණිය ලුණු­ගල හොප්ටන් පත්තිනි දේවා­ලයේ පූසා­රියා හමුවී ඒ බව පවසා ඇති බව පොලි­සිය සඳ­හන් කළේය.

මෙම දැරි­යට කළු­කු­මාර දිෂ්ටිය වැසී ඇති බවත්, ශාන්ති­ක­ර්ම­යක් මාර්ග­යෙන් යන්ත­ර­යක් දමා එම කළු­කු­මාර දිෂ්ටිය ඉවත් කළ යුතු බවට පූසා­රියා මිත්ත­ණි­යට පවසා ඇත.

ඒ අනුව දැරි­යගේ පියා සමඟ මිත්ත­ණිය කථා බස්‍ ­ක­ර­ගෙන අදාළ පුසා­රි­ව­ර­යාට එම ශාන්ති­ක­ර්මය කිරී­මට භාර දී ඇතැයි පොලි­සිය පව­සයි. පූසා­රි­ව­රයා පත්තිනි දේවා­ලයේ ආව­තේව කට­යුතු සිදු කරන පුද්ග­ල­යකු සමඟ දැරි­යගේ නි‍ෙව­සට පැමිණ කළු­කු­මාර දිෂ්ටිය එළවා දැමීමෙ අදාළ ශාන්ති­ක­ර්මය රාත්‍රි සිදු කිරී­මට පටන් ගෙන තිබේ.

එසේ පූසා­රි­ව­රයා දැරි­යට නිවසේ සාලයේ සිට කළු­කු­මාර දිෂ්ටිය පලවා හැරී­මට ශාන්ති­ක­ර්මය සිදු කරන අතර තුරේ අලු­යම පූසා­රි­ව­රයා දැරි­යට යන්ත­ර­යක් දැමී­මට ඇති බව පවසා නිවැ­සි­යන්ට නිව­සෙන් පිට­තට යන ලෙස පවසා නිවසේ දොර වසා දැරිය නිවසේ කාම­ර­යට ගෙන ගොස් ඇයව දූෂ­ණය කර ඇතැයි පොලි­සිය වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

අන­තු­රුව ශාන්ති­ක­ර්මය නිමවී පූසා­රියා ගොස් ඇති අතර, ටික දින­කින් උද­රා­බාධ අමා­රු­වක් හේතු­වෙන් මිත්ත­ණිය විසින් දැරිය බදුල්ල ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කර ඇති බවත් පොලි­සිය පව­සයි.

බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය­ව­රුන් දැරිය පරීක්ෂා කර බලා ඇය ස්ත්‍රි දූෂ­ණ­ය­කට ලක්වී සති පහක ගැබි­නි­යක බවට අනා­ව­ර­ණය කිරී­මෙන් අන­තු­රුව මේ සම්බ­න්ධ­යෙන් ලුණු­ගල පොලි­සි­යට දැනුම් දීමෙන් පසු ලුණු­ගල පොලි­සිය ලුණු­ගල හොප්ටන් පත්තිනි දේවා­ලයේ අදාළ පූසා­රි­ව­රයා සැක­පිට මෙසේ අත්අ­ඩං­ගු­වට ගනු ලැබි­ණැයි උසස් පොලිස් නිල­ධා­රි­යකු පැව­සීය.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *