Latestවිදේශීය

බයිඩන්ට කොවිඩ්

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ධවල මන්දිරය පවසයි. 81 හැවිරිදි ජනාධිපතිවරයාට මීට පෙර ද ‘කොවිඩ් 19’ ආසාදනය විය.

නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් බයිඩන් ඉදිරිපත් වෙයි. ‘කොවිඩ් 19’ ආසාදිතයකු වූ බැවින් මැතිවරණ කටයුතුවලට බාධා එල්ල වනු ඇතැයි ද පැවැසෙයි.

බයිඩන්, කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කෙරුණේ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් හේතුවෙනි. මේ වනවිට බයිඩන් සිය ඩෙලවෙයාර් ජනපදයේ රෙහෝබෝත් නිවසේ හුදෙකලා වී සිටින බව ධවල මන්දිරය කියයි‍.

@A.F.P.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *