Latestක්‍රීඩාදේශීය

යෝධසිංහගෙන් යෝධ පිම්මක්

ඊයේ (19) දින සුගතදාස ක්‍රීඩාංගනයේදී අවසන් වූ 48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට මීටර් 100 ධාවන ශූර චමෝද් යෝධසිංහ සමත් වුණා.
මීටර 100 මූලික තරග වලදී තත්පර 10.27 කාලයක් වාර්තා කරමින් ඔහු මෙම ක්‍රීඩාඋලෙලේ පැවති වාර්තාව අලුත් කිරීමට සමත්වුනේ ලංකා ඉතිහාසයේ මීටර 100 ක්‍රීඩකයකු දැක්වූ තෙවන හොඳම කාලය වාර්තා කරමින්.
මීටර 100 තත්පර 10 ට අඩු කාලයකින් අවසන් කල දකුණු ආසියාවේ එකම ක්‍රීඩකයා වන යුපුන් අබේකෝන් සහ හිටපු ජාතික ශූර හිමාශ ඒශාන්ට පසු ඉතිහාසයේ වේගයෙන්ම මීටර 100 අවසන් කල ශ්‍රි ලාංකීක ක්‍රීඩකයා බවට පත්වීමට යෝධසිංහට හෑකිවුණා.
දැඩි කැපවීමෙන් පුහුණුවීම් වල නිරතවන යෝධසිංහ 2019 වසරේ සිට සංජීව වීරක්කොඩි පුහුණුකරු යටතේ පුහුණුවීම් සිදුකරන අතර ජාතික මහ ක්‍රීඩා උලෙට අමතරව මලලක්‍රීඩා ජාතික ශූරතා තුනකදී ශූරයා බවට පත්වීමට සමත්වී තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *