Latestදේශීය

අනුර දිසානායක සහ ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමති හමුව

මේ වනවිට ජපානයේ සංචාරයක නිරතව සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර ‍දිසානායක සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති TSUGE Yoshifumi අතර හමුවක් එම අමාත්‍යාංශයේදී ඊයේ (22) දින පස්වරුවේ සිදු විය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳවත් දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳවත් රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික සබඳතාවන්හි ඉදිරි පියවර පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබේ.

එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වී ඇත.

විදේශ කටයුතු රාජ්‍ය ඇමති TSUGE Yoshifumi විසින් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ජපාන සංචාරය පිළිබඳව සුබපැතුම් එක් කිරීමටද මෙහිදී කටයුතු කර තිබේ

මෙම සාකච්ඡාව සඳහා අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නිරිතදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ Tsutsumi Taro සහ එම අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ IWASE Kiichiro ඇතුළු නිලධාරි පිරිසක්ද ජාතික ජන බලවේගයේ ජපාන කමිටුවේ සාමාජිකයින් කිහිපදෙනෙක්ද එක්වී තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *