Latestදේශීය

හමුදා ට්‍රක් රථයක් සහ බසයක් ගැටී 06 දෙනෙකුට බරපතලයි

යාපනය මහනුවර ඒ්-9 මාර්ගයේ කොකාවිල් ප්‍රදේශයේදී යුදහමුදා ට්‍රක්රථයක් සහ ලංගම බස්රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකදී යුදහමුදා සෙබලුන් 04 දෙනෙකු ඇතුලු 06 දෙනෙකු බරපත තුවාල ලබා ඇතැයි මාන්කුලම් පොලීසිය පවසයි.

තුනුක්කායි සිට යාපනය දෙසට ගමන්ගත් ලංගම බස්රථයක් සහ ඒ්ම දෙසටම ගමන්ගත් යුදහමුදා ට්‍රක්රථයක ගැටීමෙන් යුදහමුදා ටක්රථය මාර්ගයෙන් පිටත පැන පෙරලීගොස් ඇත.

ට්‍රක්රථය පෙරලීමෙන් ඒහි සිටි යුදහමුදා සෙබලුන් සිව් දෙනෙකු තුවාල ලබාසිටි අතර බස් රථයේ ගමන්ගත් කාන්තාවක් තුවාල ලබා  මාන්කුලම් රෝහලට ඇතුලත් කරනු ලැබීය.

තවද බස්රථයේ රියදුරු තුවාල සහිතව මාන්කුලම් පොලීසියට බාරවීමෙන් පසුව පොලීසිය මගින් ඒහි රියදුරු මාන්කුලම් රෝහලට ඇතුලත් කිරීමට ිපයවර ගෙන ඇත.

අනතුරට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර මාන්කුලම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?