Latestදේශීය

පොලිස් නිළධාරියා මරාදැමූ ව්‍යාපාරිකයාට මරණ දණ්ඩනය

(උපාලි ආනන්ද)

හබරන පොලිස් ස්ථානය ආසන්නයේ  පොලිස් මාර්ග බාධකයක සිටි පොලිස් කොස්තපල්වරයකු වෑන් රථයක හප්පා මරා දැමූ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකාර ව්‍යාපාරිකයකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා චූදිතයාට මරණීය දණ්ඩනය නියම කළේය.

හිඟුරක්ගොඩ සන්රයිස් ගාර්ඞ්න් හි ලීලාරත්න මහේස් ඉන්දික කුලසේකර නැමැති ව්‍යාපාරිකයකුට මෙසේ මරණ දඬුවම් නියම විය.

1998 වසරේ මාර්තු මස 29 දින හෝ ඊට ආසන්න දිනයක හබරන පොලිස් ස්ථානයට අනුයුක්තව පොලිස් මාර්ග බාධකයක රාජකරි කරමින් සිටි එස්. එස්. ආර්. ගුණරත්න නැමති පොලිස් කොස්තාපල්වරයා වෑන් රථයක හප්පා මරණයට පත් කළ බවට මෙම විත්තිකාර ව්‍යාපාරිකාට එරෙහිව නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 වන වගන්තිය ප‍්‍රකාරව අනුරාධපුර මහාධිකරණය හමුෙවි අධිචෝදනා ගොනු කර තිබිණ

විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා විවෘත අධිකරණය අමතමින් කියා සිටියේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට විත්තිකරුට එරෙහිව පැමිණිල්ල  නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිළි පාර්ශවය සමත්ව ඇති බවයි

මෙම අපරාධයට අදාළව අනුරාධපුර මහාධිකරණයේ පැවති නඩු විභාගයේදී පරිවේෂණීය සාක්ෂි වැඩි වශයයෙන් උපයෝගි කර ගෙන මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම විශේෂත්වයකි

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *