Latestදේශීය

සියලු ආන්ඩුවල පොහොර ණය ගෙවා දැමුවා – මහින්ද අමරවීර

වසර ගණනාවක් පොහොර මිල දී ගැනීම වෙනුවෙන් පුද්ගලික පොහොර සමාගම්වලට නොගෙවා තිබු රුපියල් මිලියන 29,000ක හිඟ ණය මුදල් සියල්ල රජය විසින් මේ වනවිට ගෙවා අවසන් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහනෙහි ප්‍රගතිය සම්බන්ධව අද(22) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම, ගොවිජනතාවගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම හා තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීම ඉළක්ක කරමින් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වශයෙන් දිවයිනේ ගම්මාන 160ක් සංවර්ධනය කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇත. මේ සදහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1600කි. මේ අනුව එක ගම්මානයකට පළමු අදියර යටතේ රුපියල් මිලියන 10ක් මුදලක් බැගින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී තිබේ.

රුපියල් මිලියන 29,000ක් වැනි අති විශාල මුදලක් පොහොර සමාගම්වලට හිඟමුදල් වශයෙන් ගෙවීමට තිබු නිසා බොහෝ සමාගම් මුල්‍යමය වශයෙන් දුර්වල තත්ත්වයකට මුහුණ දෙමින් සිටියේය. නමුත් දැවැන්ත ආර්ථික අර්බුදයක් මධ්‍යයේ වුවද මුදල් අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අදාල හිඟ ණය මුදල් පොහොර සමාගම්වලට ගෙවීම සඳහා ලබා දීමට පියවර ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අනුව රජය විසින් මින් පෙර පැවැති රජයන් විසින් ද මෙම පොහොර සමාගම්වලට ගෙවීමට තිබු හිඟ ණය මුදල් ගෙවා අවසන් කර තිබේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *