Latestදේශීය

22 සංශෝධනය ජනාධිපතිවරණයට බලපානවා – ජී එල් පීරිස්

(යොහාන් භාසුර)

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරණයට කිසිඳු බලපෑමක් නොකරන්නේ යැයි ඇතමුන් කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් එම සංශෝධනය හරහා ජනාධිපතිවරණයට දැඩි බලපෑමක් වන නිසා එම උත්සාහය අනිවාර්යෙන් පරාජය කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය  ජී. එල්. පීරිස් මහතා පැවසීය.

මහාචාර්ය පීරිස් මහතා කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධන පනත  පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට එකා මෙන් කටයුතු කරන බවත් සිය නියෝගවලට පටහැනිව ගන්නා තීරණවලින් ඇතිවිය හැකි අනුශාංගවලට සහ ඔහුගේ නිර්දේශවලට පටහැනිව සංශෝධනය ගැසට් කළ පුද්ගලයන් වගකිවයුතු යැයි අධිකරණ අමාත්‍යවරයා පවසන බවත් ද ඒ මහතා කීය.

මෙම මස 9 වැනිදා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්ධන ගුණවර්ධන මහතා පළමු වරට මාධ්‍යයට ඉදිරිපත් කළ බවත් 18 වැනි දින අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයේ අවසන් වන තුරු යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත ගැසට් නොකරන්නේ යැයි පැවසුව ද අධිකරණ ඇමතිවරයාගේ ප්‍රකාශයට පටහැනිව ජනාධිපතිවරයාගේ නියෝගයෙන් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත ගැසට් කළ බවත් ඒ මහතා කීය. 

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *