Latestදේශීය

කල් ගන්නේ නැහැ, අදම කියනවා, මම ජනාධිපති වෙනවා – ‌විජයදාස රාජපක්ෂ

2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“දැහැමි රටක්, නිවහල් හෙටක්, හරිත දේශයක්, නවමු මාවතක් අපි සාක්ෂාත් කරගැනීම සඳහා කටයුතු කරගත යුතුව ඇත. එය මෙහෙයවීමෙහිලා මම පෙර ගමන්කරුවෙක් වීමට සුදානම්ය. භාරතයේ අශෝක අධිරාජ්‍යා විසින් ස්ථාපනය කරන ලද ටැම් ලිපියක සඳහන් වන ‘සවේ මුනිසා ප්‍රජා’ යන පාලි පාඨයෙන් කියැවෙන පරිදි රටක පාලකයා සිය රට වැසියන් දරුවන් සේ රැකබලා ගත යුතුය යන උතුම් ආදර්ශ පාඨයට ගරු කරමින් එය යථාර්ථයක් කිරීමට මා දරණ උත්සාහයට ඔබගේ පුර්ණ ආශිර්වාදය බලාපොරොත්තු වෙමි. 

2024 ජනාධිපතිවරණය යනු අප සැමගේ අනාගත ඉරණම තීන්දු කරන හැරවුම් ලක්ෂය වනු ඇත. ඔබගේ ඡන්දය මාතෘ භූමියේ පැවැත්ම හෝ වැනසීම තීරණය කරනු ලබන සාධකය වනු ඇත. ඔබේ ඉරණම විසඳීමට ඇති අයිතිය දේශපාලකයින්ට භාරදී ඔබ බලාසිටීම නිසා අද අප සැමට දුක්ඛිත තත්ත්වයක් උදාවී ඇත. මේ ලෝකය වෙනස් වෙනවා දැකීමට ඔබ කැමති නම් එම වෙනස කළ හැක්කේ අන් කවරෙකුටත් නොව ඔබටමය. මා මේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ, ශ්‍රී ලංකා රාජ්‍යයේත් ශ්‍රී ලංකා ජාතියේත් විජයග්‍රහණය උදෙසාමය.”

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *