Latestදේශීය

අභියෝග හමුවේ රනිල් පලාගිය මෑත ඉතිහාසය

අභියෝග බාර ගත් නායකයා ලෙස ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමට රනිල් වික්‍රමසිංහගේ උපදේශකයින් ක්‍රියා කළ ද එය ම ඔහුට පාරාවළල්ලක් වී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ප්‍රබල ම නිදර්ශනය ලෙස දේශපාලන විශ්ලේෂකයන් ගෙන හැර දක්වන්නේ 2015 ජනාධිපතිවරණය සඳහා මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් නොවුයේ නම් ඊළඟට නිමල් සිරිපාල ද සිල්වා සහ අර්ජුන රණතුංග යන විකල්ප තිබූ බව ය. එම අවස්ථාවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස අභියෝගය බාර ගැනීමට පවා රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් නොවූ බව පෙන්වා දී තිබේ.

එමෙන් ම, මෛත්‍රිපාල සිරිසේන 2018 ඔක්තෝබර් මාසයේ දී දියත් කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණයට මුහුණ දිය නොහැකිව රනිල් වික්‍රමසිංහ මෙන් ම සජිත් ප්‍රේමදාස ද පසෙකට වී සිටි බව වැඩි දුරටත් පෙන්වා දී ඇත. රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයට වැදී සිටි අතර මෛත්‍රිපාල සිරිසේනගේ අනීතික ක්‍රියාකාරීත්වය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක් දැඩි කැපවීමෙන් ක්‍රියා කරනු ලැබීය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *