Latestදේශීය

ක්ෂණික ණය හිමියන් සීඝ්‍රයෙන් ඉහළට – Online ණය නඩු 500ක් ඉක්මවයි

කොළඹ, කළුතර, ගම්පහ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ප්‍රදේශවල ජනතාව online මගින් ලබාගත් ක්ෂණික ණය ආපසු අය කර ගැනීම සඳහා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පන්සීයකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ගොනු කර ඇත .

ජංගම දුරකථනය ඔස්සේ මාර්ගගත ක්‍රමයට ණය ලබාගෙන නොගෙවා පැහැර හැරි පුද්ගලයින්ට එරෙහිව කොල්ලුපිටියේ ෆින්ටෙක් සොෆ්ට්වෙයා සොලුෂන්ස් සමාගම මගින් මෙම නඩු පවරා ඇත.

කොළඹ ,ගම්පහ,කළුතර, දිස්ත්‍රික්කයන්ට අමතරව හම්බන්තොට,ගාල්ල,මාතර,බෙලිඅත්ත,අවිස්සාවේල්ල, කෑගල්ල ,මාවනැල්ල පොළොන්නරුව ,හඟුරන් කෙත,මන්නාරම,පුත්තලම, ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ටද එරෙහිව මෙම නඩු එම ඔන්ලයින් සමාගම කටයුතු කර ඇත.

මෙම නඩු කොළඹ අතිරේක දිසා විනිසුරු අරුණ වික්‍රමසිංහ මහතා ඉදිරියේ මෙම නඩු කැඳවූ අතර නීතිඥ ඩිල්ෂාන් වීරසේකර මහතා පැමිණිලිකාර සමාගම වෙනුවෙන් කරුණු දැක්වීය.

2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියපදිංචි ෆින්ටෙක් සොෆ්ට්වෙයා සොලුෂන්ස් සමාගමේ ලෝන්මී( loanme.lk) ඇප් එක සහ වෙබ් අඩවියට පිවිස කිසිදු සුරැකුමක් ඉදිරිපත් නොකර ණය මුදල් ලබා ගෙන හිතා මතා ගෙවීම් පැහැර හැරි පුද්ගලයින්ට මෙම නඩු පවරා ඇති බව නිරීඥවරයා සඳහන් කළේය.

විත්තිකරුගේ ජංගම දුරකථන අංකය හරහා loanme මෘදුකාංගයට උඩුගත කළ ජාතික හැඳුනුම්පත ඡායාරූපය හා බැංකු ගිණුම් අංකයට පැමිණිලි කාර සමාගම මාර්ගත ක්‍රමය ඔස්සේ රුපියල් ලක්ෂ 02 වඩා අඩු ණය බැර කර ඇති බවත්,එම ණය නියමිත පරිදි නොගෙවීම සම්බන්ධයෙන් සමථ මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහිදී සමථයකට පත් නොවූ පුද්ගලයින්ට 2022 අංක 33 දරණ සුළු හිමිකම් කාර්ය පටිපාටිය ප්‍රකාරව නඩු පැවරූ බවත් නීතිඥවරයා පැවසීය.

විත්තිකාර ණය හිමියාගෙන් අදාළ ණය මුදල් අය කර ගැනීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත්,ණය ලබාගත් දින සිට නඩුව අසා නිමවනතුරු ඊට අදාළ නෛතික පොලිය හා නඩු ගාස්තු ගෙවන ලෙසට නියෝග කරන්නැයි පැමිණිලි මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

පැමිණිලිවල කරුණු සලකා බැලූ අතිරේක දිසා විනිසුරුවරයා නොවැම්බර් 11 දින අධිකරණයේ කරුණු දක්වන ලෙසට විත්තිකරුවන්ට නොතීසී නිකුත් කරමින් නියෝග කළේය.

ක්ෂණික ණය ගෙවීම පැහැර හැරී තවත් පන්සියයකට අධික පිරිසකට එන්තර වාසි යොමු කර ඇති බව පැවසූ නීතිඥ ඩිල්ෂාන් වීරසේකර මහතා එම නඩු විත්තිකරුවන් පදිංචි දිසා අධිකරණ බල ප්‍රදේශවල පැවරීමට කටයුතු කරන බව සඳහන් කළේය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *