චීන බුද්ධි අංශ චන්ද්‍රිකා තුන් ගුණයකින් ඉහළට
මෑත කාලයේදී බුද්ධි අංශ හෝ හමුදාමය අරමුණු සඳහා භාවිත කළ හැකි චීන කක්ෂගත චන්ද්‍රිකා ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි අමෙරිකාවේ හමුදා නිලධාරියකු වන එරට අභ්‍යවකාශ බළකායේ ජෙනරාල් ස්ටීවන් වයිටිං ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා කොලොරාඩෝ ප්‍රාන්තයේ ඇස්පෙන් නුවර පැවති දේශනයක් අමතමින් අමෙරිකානු අභ්‍යවකාශ බළකායේ ජෙනරාල්වරයා මේ අනාවරණය සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. බුද්ධි තොරතුරු, නිරීක්ෂණ කටයුතු, ඉලක්ක වෙත ළඟාවීමේ සහ ඔත්තු බැලීමේ අරමුණු සඳහා චන්ද්‍රිකා සිය ගණනක් දියත් කර ඇති බව අමෙරිකානු අභ්‍යවකාශ බළකායේ නිරීක්ෂණයට ලක්වූ බවත් ඔහු සඳහන් කර ඇතැයි වාර්තා වේ.
පසුගිය වසර 6 ඇතුළත චීනය එවැනි චන්ද්‍රිකා තුන් ගුණයකින් වැඩි කර ඇතැයි ද, ගෝලීය තොරතුරු ලුහුබැඳීමට සහ ඉලක්ක කිරීමට අවශ්‍ය පසුබිම එමඟින් නිර්මාණය කර ඇතැයි ද අභ්‍යවකාශ බළකායේ ජෙනරාල් ස්ටීවන් වයිටිං වැඩි දුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
@දිනමිණ