Latestදේශීය

නිදහස භුක්ති විඳිය හැකි ආර්ථිකයක් සෑම පුරවැසියෙකුටම ලබා දෙනවා – චතුරංග අබේසිංහ

නිදහස භුක්ති විඳිය හැකි ආර්ථික හැකියාවක් සෑම පුරවැසියෙකු වෙනුවෙන්ම ගොඩනැගියයුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ (28) හලාවතදී පැවති ජාතික ජන බලවේගයේ මහ රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් ජනතාව ඇමතූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ,

“අර්බුදයට පත්ව සිටින පාලකයන් අන්තිම වටයේදී අයි.එම්.එෆ්. එකෙන් ණය අරගෙන, විදේශ ණය ගෙවීම් කල්දාගෙන අරගලයෙන් පළවා හැරි නායකයන් නැවත ගේන්න උත්සාහ කරනවා. ඒ දූෂිතයන් ගැන අපේ රටේ තරුණ තරුණියන් ඇතුළු සියලු ජනතාවට තේරුම් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ අතර ජාතික ජන බලවේගය හැටියට අපි භාණ්ඩ බෙදාහැරීම් නොකරන නිසා ප්‍රතිපත්තිමය පොරොන්දු කිහිපයක් දෙනවා. ආර්ථික ප්‍රතිපත්ති ඇතුළු ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් බලය ලබා ගන්න තැනට සාමූහික ක්‍රියාවලියෙන් අපි ඇවිත් තිබෙන පසුබිමක පුරවැසියන් ජයග්‍රහණය කරවීමේ රැලියේදී මේ ප්‍රතිපත්තිමය පොරොන්දු දෙනවා. අපේ දෙමාපියන්ට, අපිට අහිමි වූ ලෝකයේ ඉහළම අධ්‍යාපනය ඔබේ දරුවන්ට ලබා දෙනවා. ඒ විතරක් නොවෙයි පාසලෙන් එළියට එන විට ඔවුන්ගේ හැකියාව අනුව රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියා කරන්න, නැත්නම් ව්‍යවසායකයෙක් ලෙස කටයුතු කරන්න සුදුසු අධ්‍යාපනයක් අලුතින් හඳුන්වා දෙනවා. ඔවුන්ගේ ඒ අධ්‍යාපනය අපේ රට තුළ පමණක් නොවෙයි, ලෝකයේ රැකියා වෙළඳපොළ වෙනුවෙන් ගෞරවාන්විතව ලබාදීම අපේ වගකීමයි. අද විදේශ රැකියා කියලා යොමු කරවන්නේ ඒ රටවල් වල පුරවැසියන් කරන්න අකමැති රැකියා සඳහා අපේ අය යොමු කරවීමයි.

ඒ වගේම අපේ දරුවන්ට සුරක්ෂිත රැකවරණයක් ලබාදෙන සැමටම නීතියේ සාධාරණත්වය ස්ථාපිත කරන බවට පොරොන්දු දෙනවා. අපේ දරුවන්ගේ ආරක්ෂාව ඒ තුළින් තහවුරු කරනවා. ඊළඟට හැමදෙනාටම නිදහස් ජීවිතයක් ලබාදෙන්න පොරොන්දු වෙනවා. මම ඒ නිදහස් ජීවිතය ගත කළා. මම රැකියාව කරන්න පටන් ගත්තේ අවුරුදු 26දි. රැකියාව කළ මුළු කාලයේදීම සවස 6.30 වෙන කොට කටයුතු අවසන් කර, මගේ දරුවන් දෙදෙනාත් එක්ක ගත කරන්න පටන් ගන්නවා. විවේකී සති අන්තයක් ගත කළා. ඒ වගේ ආර්ථික නිදහසක් සියලු පුරවැසියන්ටම තිබෙන්න ඕනෑ. සතියකට පැය 40ක් වැඩ කළාම ජීවිතයේ කොටසක් ලෙස නිදහස භුක්ති විඳින්න ආර්ථික හැකියාවක් ගොඩනැගෙන්න ඕනෑ. මේ සංස්කෘතික වෙනස ළඟා කර ගැනීමේ අවස්ථාව අවුරුදු 76කට පස්සේ රටේ මුළුමහත් ජනතාවටම උදාවී තිබෙනවා. එය යථාර්ථයක් කර ගැනීමට පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව මාලිමාවේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා ඉහළින්ම ජයග්‍රණය කරවමු.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *