Latestක්‍රීඩාදේශීය

ජය පෙනි පෙනි ශ්‍රී ලංකාව ඉන්දියාවට පරදී 

මැද පෙළ පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ජයග්‍රහණය පෙනි පෙනී තිබූ තරගයක් සුපිරි ඕවරය දක්වා ගොස් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ රාත්‍රියේ සිදු විය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තෙවැනි සහ අවසන් විස්සයි20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිල කඩුලු 9ක් දැවී ලකුණු 137ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ද ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137ක් රැස් කිරීම හේතුවෙන් තරගය සුපිරි ඕවරය දක්වා ඇදි ගියේය.

කෙසේ වෙතත් සුපිරි ඕවරයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලට නියමිත කඩුලු 2ක දැවී පන්දු 3කදී ‘වයිඩ්’ ලකුණක් ද සමඟින් රැස් කළ හැකි වූයේ ලකුණු 2ක් පමණි. සුපිරි ඕවරයේ මුහුණ දුන් පළමු පන්දුවෙන් හතරේ පහරක් එල්ල කරමින් නායක සූර්යකුමාර් යාදව් ඉන්දීය ජය තහවුරු කළේය.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමට ආරම්භක පිතිකරුවන් සාර්ථක ආරම්භයක් දුන් අතර, දෙවැනි කඩුල්ල අහිමි වූයේ මුළු ලකුණු 110දීය. කෙසේ වෙතත් ඉන්දීය පන්දු යවන්නෝ තවත් ලකුණු 20ක් තුළ කඩුලු 6ක් බිඳ දමමින් තරගය සුපිරි ඕවරය දක්වා රැගෙන ගොස් පහසු ජයක් හිමි කර ගත්හ.

මේ සමඟ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියෙන් ශ්‍රී ලංකා පිලට 3-0ක පරාජයක් අත්විය.

ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ලට ලකුණු 58ක් රැස් කළ අතර, නිශ්ශංක දැවී යෑමෙන් පසු මෙන්ඩිස්ට එක් වූ කුසල් ජනිත් ලකුණු 52ක සබඳතාවක් පිහිටුවීය. නිශ්ශංක ලකුණු 26කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 43කට සීමා විය. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ කුසල් ජනිත් පන්දු 34කින් ලකුණු 46ක් රැස් කළ අතර, නායක චරිත් අසලංක මුහුණදුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේය. වනිඳු හසරංග (3), කමිඳු මෙන්ඩිස් (1) අඩු ලකුණු ගණනකට දැවී ගිය අතර, සිය පළමු තරගයට එක්වූ චමිඳු වික්‍රමසිංහ තරගය සුපිරි ඕවරය දක්වා රැගෙන ගියේය.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිමට වේගවත් ආරම්භයක් දීමට යෂස්වි ජයිස්වාල් උත්සාහ කළ ද ලකුණු 9ක් රැස් කර සිටියදී ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් විය.

ඊයේ ජාත්‍යන්තර තරග වරම් හිමිකරගත් චමිඳු වික්‍රමසිංහ සිය දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවෙන් මංගල කඩුල්ල ලෙස සංජු සැම්සන් දවා ගත්තේය. මුළු ලකුණු 30 වෙද්දී ඉන්දීය පිලට කඩුලු 4ක් අහිමිවූ අතර, ඉනිම ඉදිරියට ගෙන යෑමේ උත්සාහයක නිරතවූ ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් 6 වැනි කඩුල්ල ලෙස දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 102ක් විය. ඉනිමේ වැඩිම ලකුණුලාභියා ලෙස ඔහු ලකුණු 39ක් රැස් කළේ පන්දු 37කිනි. ඔහු දැවී යෑමට පෙර රියාන් පරාග් සමඟ 6 වැනි කඩුල්ලට එක් කළ ලකුණු 54 ඉනිමේ ඉහළම සබඳතාව විය.

රියාන් පරාග් ලකුණු 26ක් සහ වොෂිංටන් සුන්දර් ලකුණු 25ක් රැස් කරමින් ඉනිම ලකුණු 137 සීමාවට රැගෙන ගියහ. ඔවුන් දෙදෙනාම පන්දු 18කට බැගින් මුහුණ දී තිබිණි.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් සහ වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගත්හ. මේ තරගයේදී ශ්‍රී ලංකා පිල එක් වෙනසක් සිදු කරමින් දසුන් ශානකගේ ස්ථානයට චමිඳු වික්‍රමසිංහ කැඳවූ අතර, ඔහු ඊයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග වරම් හිමි කර ගත්තේය.

සුපිරි ඕවරය

ශ්‍රී ලංකාව – 2/2යි (ඕවර 0.4) කුසල් පෙරේරා 0, පැතුම් නිශ්ශංක 0, කුසල් මෙන්ඩිස් නොදැවී 1 (වොෂිංටන් සුන්දර් 1/2)

ඉන්දියාව – කිසිවකු නොදැවී 4 (ඕවර 0.1) සූර්යකුමාර් යාදව් නොදැවී 4, ශුම්බන් ගිල් නොදැවී 0 (මහීෂ් තීක්ෂණ 4/0)

ඉන්දියාව

යෂස්වි ජයිස්වාල් ක.මු.ක. ප.තීක්ෂණ 10

ශුබ්මන් ගිල් ස්ට.කුසල් ප.හසරංග 39

සංජු සැම්සන් ඇ.හසරංග ප.චමිඳු 0

රින්කු සිං ඇ.පතිරණ ප.තීක්ෂණ 1

සූර්යකුමාර් යාදව් ඇ.හසරංග ප.අසිත 8

ශිවම් ඩුබේ ස්ට.කුසල් ප.රමේෂ් 13

රියාන් පරාග් ඇ.රමේෂ් ප.හසරංග 26

වොෂිංටන් සුන්දර් ප.තීක්ෂණ 25

රවි බිෂ්නෝයි නොදැවී 8

මොහොමඩ් සිරාජ් දුවද්දි දැවී ගියා 0

අතිරේක 7

එකතුව කඩුලු 9ක් දැවී (ඕවර 20) 137

කඩුලු බිඳ වැටීම: 1-11, 2-12, 3-14, 4-30, 5-48, 6-102, 7-105, 8-137, 9-137

පන්දු යැවීම: චමිඳු 4-0-17-1, තීක්ෂණ 4-0-28-3, අසිත 2-0-11-1, රමේෂ් 3-0-26-1, හසරංග 4-0-29-2, කමිඳු 3-0-24-0.

ශ්‍රී ලංකාව

පැතුම් නිශ්ශංක ඇ.පරාග් ප.බිෂ්නෝයි 26

කුසල් මෙන්ඩිස් ක.මු.ක. ප.බිෂ්නෝයි 43

කුසල් පෙරේරා ඇ. සහ ප.සිං 46

වනිඳු හසරංග ඇ.බිෂ්නෝයි ප.සුන්දර් 3

චරිත් අසලංක ඇ.සැම්සන් ප.සුන්දර් 0

රමේෂ් මෙන්ඩිස් ඇ.ගිල් ප.සිං 3

කමිඳු මෙන්ඩිස් ඇ.සිං ප.යාදව් 1

චමිඳු වික්‍රමසිංහ නොදැවී 4

මහීෂ් තීක්ෂණ ඇ.සැම්සන් ප.යාදව් 0

අසිත ප්‍රනාන්දු නොදැවී 1

අතිරේක 10

එකතුව කඩුලු 8ක් දැවී (ඕවර 20) 137

කඩුලු බිඳ වැටීම: 1-58, 2-110, 3-117, 4-117, 5-129, 6-132, 7-132, 8-132

පන්දු යැවීම: කලීල් 3-0-28-0, සිරාජ් 3-0-11-0, සුන්දර් 4-0-23-2, බිෂ්නෝයි 4-0-38-2, පරාග් 4-0-27-0, සිං 1-0-3-0, යාදව් 1-0-5-2.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *