Latestවිදේශීය

ඊලෝන් මස්ක්ට කමලා හැරිස්ගෙන් බරපතල චෝදනා

ලොව ප්‍රකට ව්‍යවසායකයෙකු හා ට්විටර් මාධ්‍ය ජාලයේ හිමිකරු වන එලොන් මස්ක් විසින් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්‍ෂයේ අපේක්ෂිකා කමලා හැරිස්ගේ ව්‍යාජ වීඩියෝවක් සකස් කර බෙදා හැරීම නිසා එරට අප්‍රසාදයට පත් වී ඇතැයි වාර්තා වේ. මේ අතර වෙනිසුවේලාවේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කල නිකොලා මදුරෝට එරෙහිවත් ව්‍යාජ වීඩියෝවක් විකාශණය කරලීම නිසා එලන් මස්ක්ට එරෙහිව නිර්දය ලෙස විවේචන ඉදිරිපත් කර ඇත. ට්විටර් අධිපති වරයා කමලා හැරිස් සම්බන්ධයෙන් විකාශණය කරන ලද මෙම වීඩියෝව කෘත්‍රිම බුද්ධිය මගින් ජනනය කළ බව එහි ඇඟවුම් කර නොතිබීම නිසා ඩිමොක්‍රටික් පාක්ෂික ඇමරිකානු චන්ද දායකයින් ව්‍යාකුල වී ඇතැයි වාර්තා වේ.

“මම, කමලා හැරිස්! ඔබගේ ජනාධිපති අපේක්ෂකයා වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ජෝ බයිඩන් එම තරඟයෙන් ඉවත් වනුයේ අවසාන විවාදයේදී ඔහුගේ වියපත් බව හෙළි වූ බැවිනි” යනුවෙන් කමලා හැරිස් විසින් පැවසූ බවට කෘතීම බුද්ධිය යොදා ගනිමින් ඇයගේ හඬින් ප්‍රකාශ කල බවට වීඩියෝවේ දකින්නට හා අසන්නට ලැබේ.

එලොන් මස්ක් තම සමාජ ජාල තුල ධවල මන්දිරය සඳහා වන ජනාධිපති මැතිවරණ තරඟයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහයෝගය ලබා දෙමින් අනෙකුත් අපේක්ෂකයින්ගේ අදහස් අපකීර්තියට හා විකෘති යට පත් කිරීමද සිදු කරයි. ජූලි 26 වැනිදා එසේ X හි හිමිකරු ( ට්විටර්) කෘතිම බුද්ධිය (AI) විසින් ජනනය කරමින් කමලා හැරිස් ලැජ්ජාවට පත් කරමින් ඇයගේ සම්භවයට අපහාස වන ආකාරයෙන් මෙම ව්‍යාජ වීඩියෝව ප්‍රසිද්ධ කරනු ලැබ ඇත.

මෙම වීඩියෝව තුලම කමලා හැරිස් විසින් තමන් කාන්තාවක් සහ සමේ වර්ණයෙන් වෙනස් නිසා විවිධත්වය මත කුලී පදනම මත බඳවා ගත් බවත් ජනාධිපතිකම ඉසලිම සඳහා හෝ “රට පාලනය කිරීම ගැන මෙලෝ සසරක් නොදන්නා” අයෙකු බවත් තමන්ට එරෙහිව සිදු කරන සියළුම විවේචන ජාතිවාදී හා ස්ත්‍රී විරෝධී වන බවත් ඇය විසින් ප්‍රකාශ කරනු ලබයි.

මෙම ප්‍රකාශයන් ඇමරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් විසින් සිදුකල බවට නව තාක්‍ෂණික AI වල උපාංග යොදා ගෙන ඇයගේ හඬ ඩිජිටල් ලෙස වෙනස් කර විකාශනය කර ඇත.

පරිගණක විශාරධයන්ට අනුව ගැටලුව වනුයේ එලොන් මස්ක් ඔහුගේ ට්විටර්(X) සටහනේ විකාශනය කල වීඩියෝව තමන් කෘතිම බුද්ධිය මගින් ජනනය කරන ලද උපහාසයක් බව සඳහන් නොකිරීමයි. මිලියන 128කට වඩා වැඩි වාර ගණනක් නරඹා ඇති ප්‍රකෝටිපතියාගේ පණිවිඩයේ ඇතුළත් වන්නේ “මෙය ඇදහිය නොහැකියි” යන ශීර්ෂ පාඨය ඔස්සේ කමලා හැරිස්ගේ නම ඍජුවම භාවිතා කරමිනි.

එලන් මස්ක්ගේ මෙම වගකීම් විරහිත ක්‍රියා කලාපය හේතුවෙන් ලොව පුරා මැතිවරණ ප්‍රචාරක ජාලයන්හි දේශපාලන නායකයින්ගේ ප්‍රකාශයන් වැරදි තොරතුරු ලෙස අව භාවිතා කරමින් චන්ද දායකයින්ගේ මතයන් වෙනස් කිරීමේ හැකියාවක් ඇතැයි දේශපාලන විචාරකයින් අනතුරු හඟවමින් අවධාරණය කර කියා සිටිති. එවැනි කුඩා හෝ මතයක් විකෘති කිරීම මගින් සමස්ථ මැතිවරණ පිටියම ව්‍යාකුල කිරීමට හැකියාවක් මමගින් ඇති බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දේ.

එසේම එලෝන් මස්ක් විසින්ම තමන්ගේ ට්විටර් මාධ්‍ය තුලම සඳහන් කර ඇති රිතින්ද සදාචාර විරෝධී ලෙස උල්ලංඝණය කර ඇති බවත්, ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපතිවරනය ළං වන විට AI හි බලය යොදා ගනිමින් එලන් මස්ක් විසින් විකාශනය කරන ලද මෙම වීඩියෝව මගින් පැහැදිලිවම කෘත්‍රිම බුද්ධියේ ප්‍රගතිය විද්‍යමාන වුවත්; මෙම තාක්‍ෂණය මගින් ව්‍යාජ තොරතුරු සහ “පට්ට පල් බොරු ව්‍යාප්ත කිරීමට භාවිතා කිරීම පිළිකුල් සහගත බව ඇමරිකාවේ පලවන Newyork Times ඇතුළු මාධ්‍ය පෙන්වා දේ.

“මෙම වීඩියෝවේ හඬ එතරම්ම ගුණාත්මක තත්වයක නැති වුනත් එය ඉතා සුක්‍ෂමව නිපදවා තිබෙනවා. එසේම කමලා හැරිස් විසින් මෙම වීඩියෝවේ දැක්වෙන අදහස් වලට සමීප අදහස් දක්වා ඇති බැවින් හෝ ඇය පිලිබඳ මීට පෙර කාලයේ පැතිරී ඇති කට කතා නිසා මෙය සත්‍යයක් ලෙස ගැනීමට ඇමරිකානු චන්ද දායකයා පෙළඹවීමේ හැකියාවක් මෙහි අන්තර් ගතය තුල දක්නට ලැබෙනවා. එය ප්‍රජාතන්ත්‍රවාදයට දරුණු පහරක්” යයි ඇමරිකානු රජයේ නියෝජිතයෙකු ABC NEWS වෙත පවසන ලදී.

මෙම සදාචාර විරෝධී ක්‍රියාවට එරෙහිව කමලා හැරිස් මහත්මිය ගේ මැතිවරණ ප්‍රකාශිකා මියා ඒඩන්බර්ග් අදහස් දක්වමින් ප්‍රකාශ කරනුයේ ඇමරිකානු ජනතාවට අවශ්‍ය ජනාධිපතිනි කමලා හැරිස් ඇමරිකාවට ලබා දෙන සැබෑ නිදහස හා ආරක්ෂාව විනා එලන් මස්ක්ගේ සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අසත්‍ය ප්‍රචාර හෝ කෙබර නොවන බවයි.

මේ සම්බන්ධයෙන් NEW YORK TIME කතු වැකිය සඳහන් කර ඇත්තේ මෙම නව තාක්ෂණය වඩ වඩාත් යථාර්ථවාදී ඩිජිටල් උපාමාරු යොදා ගනිමින් අසත්‍ය මැතිවරණ ව්‍යාපාර සිදු කිරීම මගින් 2024 තුල ලෝකයේ පැවැත්වීමට නියමිතව ඇති මැතිවරණ සංඛ්‍යාව අනුව වාර්තාගත වසරක් වන 2024 දී වඩාත් තිරස්ථින ලෙස අනෙකුත් රටවලද යොදා ගැනීමේ හැකියාවක් පවතින බවත් එලෝන් මස්ක් විසින් සිදු කරන ලද මෙම නිහින ක්‍රියාව ඒ සඳහා පුර්වාදර්ශයක් විය හැකි බවට තම කණස්සල්ල පල කරන බවත්ය. ඒ සඳහා එලෝන් මස්ක්ට තමන් සත් වැදෑරුම් යෝජනා මාලාවක් ඉදිරිපත් කලත් ඒවා ප්‍රසිද්ධ කිරීමටවත් ඔහු උත්සහ නොකළ බවටත් පුවත්පත චෝදනා කර සිටි.

මේ හා සමගාමිව වෙනිසුවෙලාවේ ජනාධිපති නිකොලා මදුරෝ විසින්ද එලන් මස්ක්ට ද්වන්ධ සටනක් සඳහා අභියෝග කර තිබුනේ තමන්ගේ පාක්‍ෂිකයින් විසින් බලයෙන් මැතිවරණ ස්ථාන වලට කඩා වැටී චන්ද පෙට්ටි හොරකම් කරන ආකාරයේ වීඩියෝවක් ට්විටර් හි විකාශනය කිරීම නිසාවෙනි. මෙම වීඩියෝව මගින් එලෝන් මස්ක් මදුරෝ සතෙක් හා විකටයෙකු ලෙස හඳුන්වා තිබිණි. නමුත් පසුව මෙම වීඩියෝව එලන් මස්ක් විසින් ඉවත් කරගෙන තිබුණේ සැබෑ වීඩියෝවේ මදුරෝ විරෝධී විපක්‍ෂයේ ආධාරකරුවන් චන්ද පොළකට කඩා වැදි එහි තිබු වායු සමීකරණ උපකරණ අඩංගු පෙට්ටි කීපයක් සොරා ගෙන යන බව ද්‍රව්‍යමය සාක්‍ෂි සහිතව ඔප්පු වීමෙනි.

වෙනිසුවේලාව ආක්‍රමණය කිරීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන එලන් මස්ක් නැමති චෞරයාට ඔහු කැමති තැනකදී හමු වී ඔහු සමග කරට කර සටනකට වුවත් තමන් සුදානම් යයි නිකොලා මදුරෝ විවෘත අභියෝගයක් කරමින් නිවේදනයක් නිකුත් කර තිබිණි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *