Latestදේශීය

ඇමති නිමල්ට ඇමති ප්‍රේමලාල්ගෙන් බරපතල චෝදනා

වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් වරාය, නාවුක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නාවික නිමල් සිරිපාල සිල්වා මහතා ඉලක්ක කර දැඩි චෝදනාවක් එල්ල කළේය.

විශේෂයෙන්ම වරාය ආශ්‍රිතව විශාල ප්‍රමාණය වංචා දූෂණ ප්‍රමාණයක් සිදු වන බවත් තවදුරටත් තමන් මේ පිළිබඳව කට වසාගෙන සිටීම සූදානම් නැති බවත් හෙතෙම කියා සිටියි.

තමන් මේ පිළිබඳව දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා යවා ඇති බවත් ඉදිරියේ දී තමන් අමාත්‍ය ධුරයෙන් අස්වීමට වුවත් සූදානම් බවද හෙතෙම එහිදී පැවසීය.

ව්‍යාපෘති සඳහා ආයෝජකයන් සොයාගෙන පැමිණිය ද ඒවා ඉහළ තැනකින් නිලධාරීන් සඳහා බලපෑම් කරමින් නවත්වා ගෙන සිටින බවට ද ඔහු චෝදනා කළේය.

අද වන විට වරාය හා හොර ගුහාවක් බවට පත්වී ඇති බවත් අද ගන්න දෙයක් නැති තැනට පත්ව ඇති බවත් ලොකු තැන මෙසේ කරන විට පහල නිලධාරීන් එයට ගැළපෙන ලෙස හැසිරෙමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

තමන්ගේ මෙම ප‍්‍රකාශයන්ද නොතකා තවදුරටත් කටයුතු කරන්නේ නම් ඇමතිවරයා සමඟ මේ ආකාරයට කටයුතු කරන නිලධාරීන්ගේ සියලු තොරතුරු තමන් නැවත මාධ්‍ය සාකච්ඡාවක් තබා හෙළිදරව් කරන බවට ඔහු තවදුරටත් කියා සිටියේය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?