Latestදේශීය

මහා බැංකු පනත 96යේ බෝම්බයට වඩා භයානකයි

රජය විසින් ඉදිරිපත් කර ඇති නව මහබැංකු පනත් කෙටුම්පතේ ඇති සමහර වගන්ති ජනමත විචාරණයක් මගින් සම්මත කළ යුතු බව දැනුම් දී ඇතැයි යුතුකම සංවිධානය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා සඳහන් කරයි.

පනතේ වගන්ති 134න් 46 ක් සඳහා තුනෙන් දෙකක විශේෂ පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය බවත් ඊට අමතරව ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් ව ඇති බව ද හෙතෙම කියා සිටියේය.

නමුත් මෙම පනත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් කිසිම දැනුවත් කිරීමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොකළ බව ද එම නඩු තීන්දුව වත් මන්ත්‍රීවරුන්ට ලබා දීමට කටයුතු නොකළ බවද මන්ත්‍රීවරයා චෝදනා කරයි.

මෙම මහ බැංකු පනත 1996 මහබැංකුවට එල්ල කරන ලද ත්‍රස්තවාදී බෝම්බයටත් වඩා භයානක එකක් බවද මෙම මගින් මෙමගින් රටේ ආර්ථිකය බිඳ වැටෙන බව ද පැවසූ ඔහු ඒ හේතුවෙන් මෙම පනත අවලංගු කර නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

පනතේ ඇතැම් කරුණු සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවට පටහැනි බව නඩු තීන්දුවේ දහනව වැනි පිටුවේ සඳහන් වී ඇතැයි ද ඊට සංශෝධන පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ ගෙන එන බවට දැනුම දුන්නද එය අපේක්ෂා කළ හැකි දෙයක් නොවන බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?