Latestදේශීය

අශිෂ්ටත්වය පරදා ශිෂ්ටත්වයේ පාලනයක් නුදුරේම පිහිටුවනවා – හිනිදුම සුනිල් සෙනෙවි

අශිෂ්ටත්වය පරදා ශිෂ්ටත්වයට මග කියන පාලනයක් නොදුරේදීම මාලිමාවෙන් බිහි කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, සභරගමුව විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යන අංශයේ මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය මැයි 01 දා මාතර වෙරළ උද්‍යානයේ පැවති ජාතික ජන බලවේගයේ මැයි දිනය රැලිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, සභරගමුව විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යන අංශයේ මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි,

“මීට වසර කිහිපයකට කලින් ගෝල්ෆේස් පිට්ටනිය මේ වගේම ජන මහෝගයකින් පිරෙව්වා. එදා ජනාධිපතිවරණයක් කැඳවලා තිබුණේ. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා හැටියට එදා ලක්ෂ සංඛ්‍යාත සේනගක් ඉදිරියේ ආදරනීය අනුර දිසානායක සොහොයුරාගේ නම යෝජනා කරන්න මට ඓතිහාසික අවස්ථාවක් ලැබුණා. ඒ ජනතාව තමයි මේ ඉන්නේ. ඒ ජනතවා පරයා ගියපු ලක්ෂ සංඛ්‍යාත ජනගහණයක් අපි ඓතිහාසික මැයි රැලි 04කට එකතු කරලා තිබෙනවා. මේක ඓතිහාසික අනුස්මරණීය මැයි රැලියක්. හිතවතුනී ඉතිහාසය තිගස්සවන මැයි රැලියක්. ඉතිහාසය නැවත මතක් කරවන මැයි රැලියක්. මෙතන ඉන්න වැඩිහිටි සහේදර සහෝදරියන්ට මතක ඇති අවුරුදු 40කට කලින් 1983 ජනතා විමුක්ති පෙරමුණේ මෙබඳුම අති විශාල සංවිධාන ශක්තියක්, අති වාශාල විනයක්, අති විශාල දේශපාලන පණිවිඩයක් නිකුත් කරපු මැයි රැලියක් ඉතිහාසයේ තිබුණා. ඒ මැයි රැලියේ පිළිවෙල, විනය, දේශපාලන සංඥාව තේරුම්ගත්ත ජේ.ආර් ජයවර්ධන මාමා බයවුනා. ඔබට මතක ඇති. වෙන විදිහකට කියනවානම් රනිල් රාජපක්ෂගේ මාමා එදා තිගැස්සුනා. අද කියන්න තියෙන්නේ කෙටියෙන් බෑනට. රනිල් වික්‍රමසිංහ උන්නැහේට, අපේ රටේ ජනාධිපතිකම තාවකාලිකව දරාගෙන ඉන්න, ජන අනුමැතියක් නැති දුෂ්ඨ නායකයෙක් වෙලා ඉන්න, ජන පීඩකයෙක් වෙලා ඉන්න රනිල් වික්‍රමසිංහට කියන්න තියෙන්නේ බලන්න මේ මහජන මහෝගයන් 04 දිහා. කොළඹ, අනුරාධපුර, මාතර යාපනය දිහා බලලා බයවෙන්න. පොදු ජනයාගේ බසින් කිව්වොත් ඒ බය තියාගන්න. කෙටියෙන් කියන්න තියෙන්නේ අපිට එච්චරයි. 1983 ඒ මැයි රැලිය දවසේ, ඒ වකවානුවේ සිද්ධ වෙච්ච දේවල්ම ආපහු සිද්ධ වෙමින් යනවා. අද උදේ මම ඒ ඉතිහාසයට අදාළ පොත පත අළුතෙන් කියවලා බැලුවා. ඒගොල්ලො එදා ගැහුවා ජනතා විමුක්ති රෙපමුණට බැර වෙන විදිහේ මඩ පෝස්ටරයක්. ඒකේමොකක්ද තිබුණේ? ජවිපෙ බලයට ආවොත් බයිසිකල් පවා රජයට පවරා ගන්නවා කියලා. ඔබ නිකන් හිතලා බලන්න. දශක 04ක් ගිහිල්ලා, තවම ඔවුන්ට කියන්න තියෙන්නේ ඒ කතාව විතරයි. ඒ මඩ පෝස්ටරයම නෙවෙයිද අලුත් වටයකින් තවම අලවන්නේ.

එදා ජේ.ආර් ජයවර්ධන කිව්වා මේ නැගීඑන ජනතා විමුක්ති පෙරමුණ ඔහුට බාදාවක් වෙන බව. ඒ බාදාව ඉවත් කළ යුතු බව. අදත් ජාතික ජන බලවේගය හැරුණු විට තියෙන විකෘති වෙච්ච පක්ෂවල මැයි රැලි වේදිකාවල අහන්න ලැබෙන්නේ ඒ කතාවම තමයි. ඔවුන්ගේ බාධාව වෙලා තියෙන්නේ ජාතික ජන බලවේගය. ඔවුන්ගේ බාධාව රටේ අපේක්ෂාව. ඔවුන්ගේ බාධාව රටේ පාර්තනය. ඔවුන්ගේ බාධාව තමයි රටේ නව යුගයක්, පුනරුදයක් හදන්නේ. එදා ජේ.ආර් ජයවර්ධන මේ වේදිකාවේ එක ඔළුවකට නියම කළේ රුපියල් 50,000ක ලන්සුවක්. අපි අද ඉතා සංතෝෂයෙන් කියන්නේ රනිල්, රාජපක්ෂ. ප්‍රේමදාස මේ රැලම හොරකම් කරපු මහජන මුදල් කෝටි ගණන්, මිලියන ගණන් ගෙනත් තිබ්බත් මේ වේදිකාවේ එක ඔළුවක් මිලදී ගන්න නුඹලාට ලැබෙන්නේ නැහැ. වේදිකාවේ විතරක් නෙවෙයි හිතවතුනී, මේ මහා ජන සන්නිපාතයේ එක අංශුවක් වෙනස් කරන්න කිසිවෙකුට හම්බවෙන්නේ නැහැ. හාල් බෙදුවට, මොනවද ඔවුන් නොබෙදන්නේ? ඒ ජනතා අල්ලස් ඉදිරියේ නොරැවටෙන මහජන ව්‍යාපාරයක් ජාතික ජන බලවේගය හදන්න අපි සමත් වෙලා තියෙනවා. අපි සියලු දෙනා කම්කරුවො. අපි සියලු දෙනා කියික ශ්‍රමය හරි මානසික ශ්‍රමය හරි යොදවන මිනිස්සු. ඒ ශ්‍රමය පදනම් කරගෙන ජීවත්වෙන මිනිස්සු. අපිට නිෂ්පාදන සම්බන්ධතාවල හිමිකාරිත්වයක් නැහැ. එහෙම බැලුවාම ඔබ අප සියලු දෙනා කම්කරුවො. ශ්‍රමිකයෝ. අපේ රටේ නිෂ්පාදන සම්බන්ධතාවල අයිතිය තියෙන්නේ කාටද කියලා ඔබ කල්පනා කරලා බලල තියෙනවද? නිෂ්පාදන සම්බන්ධතාවල අයිතිය තියෙන්නේ සූදුකාර ධනපතියන් අතලොස්සකට. ඒක සූදුකාර ප්‍රාග්ධනයක්. ගැන්ඹල් කැපිටල් එකක්. මේ යථාර්ථය අපි වෙනස් කරන්න ඕන නැද්ද? මේ යථාර්ථය අපි පෙරළන්න ඒන නැද්ද?

එදා ඇයි කම්කරුවට පැය 08ක සේවා මුරයක් ඉල්ලුවේ. ඔබ මේක කල්පනා කරලා බලන්න ඕනා. හිතවතුනී කම්කරුවන්ට පැය 08ක සේවා මුරයක් ඉල්ලුවේ, ඉතිරි කාලය, අතිරික්ත විවේකය කම්කරුවට හිමිවෙන්න ඕන නිසා. ඒ කුමක් සඳහාද? ඒ අතිරික්ත විවෙකය තුළ තමයි ආදරණීය හිතවතුනි, ඔබේ සංස්කෘතික ජීවිතය ගොඩනැගෙන්නේ. ඒ අතිරේක කාලය පාවිච්චි කරන්න තියෙන්නේ ගීතයක් අහන්න. චිත්‍රපටියක් බලන්න, පොතපත කියවන්න. ලෝකය ගැන දැනගන්න. ඒකෙන් තමයි පුරවැසි ජීවිතය ප්‍රබුද්ධ වෙන්නේ. ඒකෙන් තමයි පුරවැසියෙකුට වටිනාකමක් ලැබෙන්නේ. අපි හැමෝම මිනිස්සු හැටියට ඉපදුනාට, මේ මිනිස්කම වගා කරගෙන, මේ මිනිස්කම විශිෂ්ඨත්යක් හැටියට පත් කරන්න බැහැ මුළු ජීවිතයම වැඩබිමේ හැප්පෙනකොට. ඒ නිසා තමයි පැය 08කට සේවාමුරය සීමා කරලා ඉතිරිටික ජීවිතය හැටියට අපිට දෙන්න කියලා මීට සියවස් කිහිලයකට උඩදි කම්කරුවන් ඉල්ලුවේ. ඒක අද අපි පුනරුච්චාරණය කරන්නේ ඒ ජීවිතය අද අපිටත් අහිමිවෙලා තියෙන නිසා. ඔබ දන්නවා මොනවගේ සංස්කෘතික ජීවිතයක්ද ඔබට හිමිවෙලා තියෙන්නේ කියලා. ඔබට පුළුවන්ද අද විවේදකය බුද්ති විඳින්න. ඔබට පුළුවන්ද හෙට දවසේ ජීවිතය ගැන සහතිකයක් සහිතව ජීවත්වෙන්න. විශ්වවිද්‍යාලවල අපෙන් ඉගෙනගන්න එවල තියෙන ඔබේ ආදරනීය දරුවන්ට අද විශ්වවිදයාලයේ තුන්වේල කන්න නැහැ. කොවිඩ් කාලේ ඉවරයි. ඒත් විශ්වවිද්‍යාලවල තාම අන්තර්ජාලය පදනම් කරගෙන මාර්ගගත ක්‍රමයට උගන්වන්නේ හොස්ටල් නැති හින්දා. නේවාසිකාර නැති හින්දා. අවස්න වසර නිබන්දනය ලියන මේ වසරේ මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දැන් ගෙවල්වල. ඒගොල්ලෝ ඉන්න ඕණා විශ්වවිද්‍යාලයේ. ඒගොල්ලෝ ඉන්න ඕන පුස්ථකාලේ. හැබැයි හොස්ටල් නැහැ. තක්කඩි පවුල් කිහිපයක් අපේ රට මංකොල්ල කාපු හින්දා. මේකට ඔබ තවත් ඉඩ දෙනවක කියන එක ඔබ කල්පනා කරලා බලන්න ඕනා. මාතර ජන සුනාමියක් එකතුවෙන මේ අනුස්මරණීය මොහොතේදී.

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී එක උපාධියක් මගෙන් හදාරපු එක ශිෂ්‍යාවක් පහුගිය මාසේ ගුරුපත්වීමක් ලැබුවා. සිංහල විශේෂ උපාධියක් කරපු, අවුරුදු 04ක් ඔට්ටුවෙච්ච දැරියක් උපදිය ලබලා ගියමාසේ ගුරුපත්වීමක් ලබනවා ප්‍රාථමිත ගුරුපත්වීමක් හැටියට. ප්‍රාථමික අංශයේ උගන්වන්න. මේකෙන් වැරදි ගණනාවක් වෙනවා. ප්‍රාථමික අංශයට උගන්වන්න ඇයව පුහුණු කරලා නැහැ. ඒ වගේම අවුරුදු 04ක් විශිෂ්ඨ දැනුම ලබපු කෙනෙක් ඒ විශිෂ්ඨ දැනුම සමාජයට ප්‍රධානය කරන විදිහේ රැකියාවක් ලබන්නට ඕනා. ප්‍රාථමික අංශය කියන්නේ විශේෂ අංශයක්. ඒ කිසිදෙයක් ගැන මේ පාලකයන්ට කිසිදු හැඟීමක් නැහැ. ඒ ඉගෙන ගන්නේ ඔබේ දරුවෝ. ගියමාසේ බස්නාහිර පළාතේ විතරක් මේ වගේ විකෘති ගුරුපත්වීම් 2,500ක් දුන්නා. ඔබට හිතාගන්න පුළුවන්ද මේ අශිෂ්ඨ දේශපාලන රැල අපේ දරුවන්ගේ අනාගතයට කරන්න යන්නේ කුමක්ද කියලා. අන්තිමට ගුරුමාරුව හදාගන්න මේ මිනිස්සුන්ගේ මුළු ජීවිතයම ගතවෙන්නේ මහ පාරේ. පද්ධති ක්‍රමයක් හදලා නැති හින්දා සිස්ටම් එකක හදල නැති හින්දා වසට යනකන් ගුරු මාරුව හදාගන්න තැන් තැන්වල ගාටන්නයි මේ අයට සිද්ධ වෙන්නේ. ඉතිං ඉතිරිවෙනවද සංස්කෘතික ජීවිතයක්. මෙන්න මේක තමයි අපි ගැඹුරින් කල්පනා කරන්න ඕන. ඔබ අද ලංකාවේ දේශපාලන පිටිය දිහා බලන්න. මට අහන්න ලැබුණා එක මන්ත්‍රීවරයෙක් කියනවා මෙන්න මෙහෙම. අපි තවම පොහොට්ටුවේ. හැබැයි අද යන්නේ සජබේ මැයි රැලියට, ඒක කිව්වෙත් මිනිහ කොලේ බලලා. ඔබ ඕන්නම් බලන්න වීඩියෝ එක තියෙනවා. තමන් ඉන්නේ මොන පක්ෂෙද කියන එක සිහිපත් කරගන්න කොලයක් බලන්න සිද්ධවෙලා මේ මන්ත්‍රීවරුන්ට. ඔබට හිතාගන්න පුළුවන්ද ඔවුන්ගේ ජීවිත මොනතරම් අරාජිකද මොනතරම් අශිෂ්ඨ ක්‍රීඩාවකද නිරතවෙන්නේ කියලා. තව එක්කෙනෙක් කියනවා, පෙහොට්ටුවේ අය මං ගැන තැකීමක් නැහැ. ඒ හින්දා මම යනවා රනිල් ගාවට. මෙන්න සිද්ධවෙලා තියෙන දේ. ඒ හිනිදා ඔබට තේරෙනවා ඉතිහාසයේ කිසිදු කළක නොතිබූ විදිහට ඒ උඩතලයේ දේශපාලනය, දේශපාලන නායකයෝ, ඔවුන්ගේ ප්‍රතිපත්ති, ඔවුන්ගේ පක්ෂ විනය සියල්ල විනාශවෙලා ඉවරයි. ඒක නිසා පදාස පිටින් ගලවගෙන පක්ෂ මාරුකරගෙන එහාට මෙහාට මාරුවෙන හැටි. හැබැයි ඒ මහත්වරුන්ට අපිට කියන්න තියෙන්නේ එහෙම ගියාට යන්නේ එක මිනිහෙක් විතරයි. ඔහුගේ පස්සේ යන ඡන්ද දායකයෝ දහස් ගණන් අද ලංකාවේ ඉතිරිවෙලා නැහැ. අද පුරවැසි සමාජය බුද්ධිමත් වෙලා තියෙනවා. ජාතික ජන බලවේගය කොට්ඨාස සභා දසදහසක අධික ප්‍රමාණයක් නිර්මාණය කරගන්න සමත්වෙලා තියෙනවා. වෘතීන් සංවිධානය කරගන්න සමත්වෙලා තියෙනවා. සියලුදෙනා ජනතාව මුණගැහෙමින් ඔබට දේශපාලන දැනුම ප්‍රදානය කරන්නේ තව එක වතාවක්වත් මේ අශිෂ්ට දේශපාපලන රැලට ඔබව රවට්ටන්න දෙන්න බැරි නිසා.

අවසන් වශයෙන් හිතවතුනි, මේක ශිෂ්ටත්වයේ වේදිකාව. මේක තමයි ප්‍රඥාවේ වේදිකාව. මේක තමයි ආදරයේ වේදිකාව. මේක තමයි විනයේ වේදිකාව. සබරගමුව විශ්වවිද්‍යාලයේ එක ශිෂ්‍යයෙක් මෙතන ඉඳගෙන ෆේස්බුක් සටහනක් තියලා තිබුණා. ලක්ෂ සංඛ්‍යාත සෙනග අතරින් මම එක කුරා කුහුඹුවෙකි. වේලි ඔයෙන් ආපු අපේ සුනන්ද සහෝදරයා තියලා තිබුණා ෆේස්බුක් සටහනක්. ඒක තමයි ඕබේ පැතුම. ඒක තමයි පුරවැසියන්ගේ අවංක සිතුවිල්ල. ඔන්න ඔය විශිෂ්ට චින්තාව මත තමයි ජාතික ජන බලවේගය මේ අසාහය දේශපාලන ව්‍යාපාරය ගොඩනැගුවේ. තනතුරු, වරදාන බලාගෙන මෙතෙන්ට ගොඩවෙච්ච කිසිවෙක් නැහැ. ඔතනත් නැහැ. ටකරන් තහඩු ගන්න, ටොයිලට් පෝච්චි ගන්න, හාල් කිලෝ 20 ගන්න ආපු කවුරුවත් මෙතන නැහැ. නිෂ්පාදන ආර්ථිකයක් හදනවා කියලා කුලියාපිටියේදී කියපු රනිල් ඒ කුලියාපිටියටම ගිහිල්ලා හාල් කිලෝ 20ක් බෙදනකොට මේ මොන ජනාධිපති කෙනෙක්ද කියලා ඔබට හිතෙන්න ඕනා. ඒ හින්දා මේ සියලු අශිෂ්ට ක්‍රීඩා අවසන් කරමු. අපිට අපේ රට ඕනා. අපිට අපේ ප්‍රාර්ථනය දල්වගන්න ඕනා. අවුරුදු 76ක් අහිමි කරපු ජීවිතය ආපහු ලබාගන්න අපිට ඕනා. ඒ නිසා ඒ විශිෂ්ට සටනට මග කියන මහා පණිවිඩය සංඥාව අද මාතර, කොළඹ, අනුරාධපුර, යාපනය තියන ජාතික ජන බලවේගයේ ජන සුනාමියක් රැස්වෙච්ච මේ මහා ජන සන්නිපාතයෙන් දෙන පණිවිඩය, අවුරෝරා සංඥාවක් වේවා. අවුරෝරා වෙඩි මුරයක් වේවා. ඒක විශිෂ්ටත්වය හඹා යන ආරම්භක පියවර වේවා කියලා ප්‍රාර්තනා කරනවා.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?