Latestදේශීය

කුරුමානම් අල්ලමින් සිටි දිනේෂ් පහසු තීරණය ගනී

(රශ්මික ප්‍රභාත් විශ්වජිත්)

පවතින දේශපාලන අර්බුදය හමුවේ ස්ථාවරයක් නොගෙන කල් මරමින් සිටි අගමැති දිනේෂ් ගුණවර්ධන, රනිල් වික්‍රමසිංහ හා එක්වීමට තීරණය කර ඇත. ඒ අනුව මහජන එක්සත් පෙරමුණ රනිල්ට සහය දැක්වීමට තීරණය කර තිබේ. අද සවස පක්ෂ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන ඇත.

ගෙවුනු දශක කිහිපය පුරා රාජපක්ෂවරුන්ගේ සමීපතමයකු ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් රනිල් වික්‍රමසිංහ දැඩිව විවේචනය කළ අයෙකි. ඔහුගේ පාර්ලිමේන්තු ප්‍රකාශ පමණක් අධ්‍යයනය කිරීමේදී වුවද මේ බව හොදින් වැටහේ.

නමුත් පසුගිය සමයේ අගමැති ලෙස කටයුතු කරමින් රනිල් හිතවාදියෙක් ලෙස කටයූත කළ දිනේෂ් ගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරය රනිල්ට සහය දැක්වීමට ගත් අන්දෝලනාත්මක තීරණයත් සමගින් තමන්ට වඩා පහසු තීරණය ගැනීමට කටයුතු කර ඇත.

එදා රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාත්මක කිරීමට සැරසුණු අධයාපනය විකිණීමේ ක්‍රියාවලියට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් දියත් කළ සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරයේ සටන තුළ පහසුවෙන් එම වේදිකාවට ගොඩවුනු දිනේෂ් ගුණවර්ධන නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීඨයේ සිට මොරදුන්නේ අධ්‍යාපනය විකුණන්න වෙර දරණ බටහිර බලවේගයන් හී දේශීය ඒජන්තවරයා වන රනිල් වික්‍රමසිංහ සමග තමන්ට බරපතල සටනක් ඇති බවයි.

නමුත් දිනේෂ්ගේ වත්මන් භූමිකාව විසින් නැවත වරක් ප්‍රතිපත්තියක් නැති තම දේශපාලන සූදුව දිනේෂ් විසින් ප්‍රදර්ශනය කරමින් සිටී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *