Latestදේශීය

මුලතිව් තරුණයාගේ මරණය ඝාතනයක්

මුල­තිව් වවු­නි­කු­ලම් වැවේ තිබී පෙරේදා (31) හමු වූ තරු­ණ­යාගේ මළ සිරුර සම්බ­න්ධ­යෙන් පැවති පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යේදී හෙළි වී ඇත්තේ ඔහුගේ ගෙල සිර­කර මරා වැවට දමා ඇති බවයි.

කැන­ඩාවේ රැකි­යා­ව­කට පිටත්ව යෑමට බැංකු­ව­කින් රුපි­යල් ලක්ෂ විස්සක මුද­ලක් රැගෙන යතු­රු­පැ­දි­ය­කින් එමින් සිටි මුල­තිව් යෝග­පු­රම් මල්ලාවි ප්‍රදේ­ශයේ ආන­න්ද­රාසා ජීවන් (27) නමැති තරු­ණ­යාගේ මළ සිරුර වවු­නි­කු­ලම් වැවෙන් හමු වී තිබිණි. ඔහුගේ සර­මක් යතු­රු­පැ­දිය හා පාව­හන් යුගල වැව් කණ්ඩියේ එක් ස්ථාන­යක තිබී හමු වූ අතර මර­ණය සම්බ­න්ධ­යෙන් පොලි­සි­යට විශාල සැක­යක් හට­ගෙන ඇති හෙයින් සිද්ධිය සම්බ­න්ධ­යෙන් මුල­තිව් අධි­ක­ර­ණය දැනු­ම්වත් කර තිබේ.

මළ සිරුර හඳු­නා­ගත් පවුලේ ඥාතීන් ද මර­ණය ගැන සැක­යක් ඇති බව මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණ­යේදී ප්‍රකාශ කිරීම නිසා පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය මුල­තිව් රෝහලේ අධි­ක­රණ වෛද්‍ය­ව­රයා සිදු කර ඇත. එහිදී ඔහු වාර්තා කර ඇත්තේ තරු­ණ­යාගේ මර­ණය ගෙල සිර කිරී­මෙන් සිදු වී ඇති අතර ඔහු මිය­යෑ­මෙන් පසුව මළ සිරුර වැවට දමා ඇති බවත්ය. අන­තු­රුව මුල­තිව් මහේ­ස්ත්‍රාත් එස්.එච්. මැක්රූස් මහතා තරු­ණ­යාගේ මළ­සි­රුර අව­සන් කට­යුතු සිදු කිරී­මට ඥාතීන්ට භාර දෙන ලෙසත් මේ ඝාත­න­යට සම්බන්ධ පුද්ග­ල­යන් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසත් පොලි­සි­යට නියෝග කර තිබේ. නාට්ට­න්ක­න්ඩාල් පොලි­සිය සිද්ධිය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පව­ත්වයි.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *