Latestදේශීය

රනිල් වික්‍රමසිංහ එජාපයත් විනාශ කළා, පොහොට්ටුවත් විනාශ කළා – ගාමිණී ‌ලොකුගේ

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විනාශ කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ පවසනවා.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, අපි මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළාම අපි සමඟ සිටින්නේ කවුරුන්ද කියා දැන ගත හැකි බවයි.

රනිල් වික්‍රමසිංහ හට සහාය දෙන බව මාධ්‍යයෙන් බොහෝ අයගේ නම් පවසා සිටියද, එතරම් ගණනක් ඔහුට නොමැති බව තමා පක්ෂයක් ලෙස දන්නා බව ඔහු කියා සිටියා.

ඉදිරි කටයුතු සිදු කරන්නේ කෙසේ ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වූ නමුත් පක්ෂය තීන්දුවක් ගැනීමට පෙර පිරිසක් සමඟ ජනාධිපති තීන්දුවක් ගත් බවත් එය පක්ෂයට විශාල ගැටළුවක් බව ඔහු අවධාරණය කළා.

පක්ෂය සමඟ කටයුතු සිදු කරනවා නම් පක්ෂය සමඟ තීන්දු ගත යුතුව ඇති බවත්, එසේ නොමැතිව තැන් තැන්වල ගොස් ජනාධිපති අපේක්ෂකයා යෝජනා කරනවා යැයි පැවසීම සුදුසු නොවන බව ඔහු කියා සිටියා.

ඒ අවස්ථාවේ පක්ෂය අක්‍රිය තත්ත්වයට පත්වූ බව ඔහු අනාවරණ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එවැනි අවස්ථාවකදී පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීන්දුවකට පැමිණි බවත් ජනාධිපතිවරයාගේ ඉල්ලීමට ප්‍රතිකේෂ කිරීමට කටයුතු කල බවයි.

පසුගියදා සමගි ජන බලවේගයේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මහතා කියා සිටියේ තරුණ නායකත්වයට ඉඩ නොදෙන රනිල් වික්‍රමසිංහ විසින් වසර තිහකට ආසන්න කාලයක් එක්සත් ජාතික පක්ෂයේ නායක පුටුවේ හිඳගෙන රටට විශාල වැඩ කොටසක් සිදුකළ විශාල පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය මුළුමනින්ම විනාශයට පත්කළ බවයි, සුජීව සේනසිංහ මහතා කියා සිටියේ එවැනි නායකයෙකු සමඟ කිසිඳු ආකාරයකින් රට ගොඩනැගීමට නොහැකි බවත් එම හේතුව නිසා එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී රටට හිතවාදී තරුණ නායකත්වයට ඉඩ දෙන සමගි ජන බලවේගය පිහිටුවාගත් බවයි.

@බලවේගය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *