Latestදේශීය

අධ්‍යාපනයත්, සෞඛ්‍යයත් එකවර විනාශ කරන රනිල්

රනිල් වික්‍රමසිංහ පනවල ලද අසීමත බදු හමුවේ විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යා මහාචාර්යවරු විශාල පිරිසක් විදේශගතවීම නිසා මෙරට නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය යන මූලික අයිතිවාසිකම් දෙකම එකමවර විනාශකෙරෙමින් පවතී.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සියලුම මහාචාර්යවරු මේ වනවිට රට හැරගොස් ඇති ඇතර අනිකුත් වෛද්‍යපීඨවලද විශාල පිරිසක් රට හැරගොස් ඇති බව වාර්තා වේ. මේ නිසා වෛද්‍ය පීඨවල ඉගෙනුම ලබන අවසන් වසරේ සිසුන් සඳහා නියමිත විශය නිර්දේශ ආවරණය කිරීමට නොහැකි තත්වයක් මතුව ඇත.

දැනටත් සීමා කර ඇති නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය ලාභ ලබන ව්‍යාපාර බවට පත් කිරීමට 1980 මුල සිට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාකරණු ලැබීය. අධ්‍යාපන ධවල පත්‍රිකාව හඳුන්වාදීමෙන් නිදහස් අධ්‍යාපන වැනසීමටත් අදාල කැබිනට් ඇමතිවරයෙක් ලෙස සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කිරීමටත් දැඩි ක්‍රියාමාර්ග ගෙන් ඒමට උත්සාහ දැරීය. එහෙත් දිගින් දිගටම එල්ල වූ ශිෂ්‍ය විරෝධතා සහ මහජන විරෝධය හමුවේ එවකට පැවති පාලකයන් අපේක්ෂා කළ පරිදි අදාල ක්‍රියාමාර්ග දියත් කළ නොහැකි විය.

නමුත් මේ වනවිට පනවා තිබෙන දරාගත නොහැකි උපයනවිට ගෙවීම් බදු බර නිසා අධ්‍යාපනය සහ සෞඛ්‍යය මුළුමනින්ම බිඳුවැටෙමින් පවතී.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?