Latestක්‍රීඩාදේශීය

ක්‍රීඩකයින් අසනීපයෙන් ඉන්නේ, මානසික ශක්තියට උදව් කරන්න – සනත් ජයසූරිය

අද(02) පැවැත්වෙන තරගයේදී ක්‍රීඩකයින්ගේ මානසික ශක්තිය උසස් මට්ටමකින් තබාගැනීමට සියලු ක්‍රීඩාලෝලීන්ගේ සහයෝගය තමන් අපේක්ෂා කරන බව සනත් ජයසූරිය පවසනවා. තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය පිලිබදව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී (01) ඔහු මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සනත් ජයසූරිය,

“බිනුර ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුසංක, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, ළහිරු කුමාර, නුවන් තුෂාර මේ හය දෙනාම අබාධයට ලක්වෙලා ඉන්නේ. අපි 19 දෙනෙකු කණ්ඩායමට ඇතුළත් කළා. 

ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළේ උණක් තියෙනවා. මහීෂ් තීක්ෂණට උණ හැදිලා හිටියේ, වනිඳු හසරංගට මුල උණ හැදිලා හිටියා. බිනුර ප්‍රනාන්දුව අන්තිමට රෝහල්ගත කරන්නත් වුණා.

අවාසනාවන්ත දේවල් කිහිපයක් වුණා. ඒත් ඒවා අපේ නිදහසට කරුණු නෙමෙයි. මටත් හරි ලේසයි තාවකාලික පුහුණුකරු, මේ තරගාවලි දෙක විතරයි කියලා කියන්න.

මම එහෙම නෙමෙයි බලන්නේ. මමත් කවදාවත් පරාජය භාරගන්න කැමති කෙනෙක් නෙමෙයි. මමත් මේ තත්ත්යේ ඉදලා තියෙනවා මගේ අවුරුදු විස්සේ. අභියෝග භාරගන්න පුළුවන් වෙන්න ඕන හැමෝම. තාවකාලිකව තිබෙන දුකට තමයි මේ හැම දෙයක්ම කියන්නේ.”

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *